Feb
27

” මගේ කසාද ගාණ ගැන මිනිස්සු කියන ඒවා මම ගණන් ගන්නේ නැහැ ” දෙවනි වරට පේෂල සමගින් විවාහවු පූර්නිකා පීරිස්

 
1333 Views
   
 

පේෂල මනෝජ් කියල කියන්නේ මේවෙද්දී ලාංකිකයන් හැමෝම වගේ ආදරය කරන දක්ෂ කලාකරුවෙක්. ඇත්තෙන්ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඔහු තබ්ලා වාදකයෙක් සහ සංගීත ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙකු හැටියටත් කටයුතු කරනු ලබනවා. කොහොම නමුත් පේෂල මනෝජ් කියන මේ සුන්දර චරිතය වර්තමානය වෙද්දි දෙරණ මාධ්‍ය ජාලයේ ජනප්‍රියම නිවේදකයෙකු හැටියට කටයුතු කරනු ලබනවා. ඉතින් මේ ආකාරයට දෙරණ මාධ්‍ය ජාලයේ නිවේදිකයෙකු ලෙස කටයුතු කරන ඔහුගේ ප්‍රසිද්ධියට පත් වැඩසටහන තමයි දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන

කොහොම නමුත් පේෂල මේවෙනකොට විවාහකයි. ඔහු විවාහවෙන්නේ ඔබ අප කවුරුත් හදුනන ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් සමගිනුයි. ඇයත් පේෂල වගේම දෙරණ මාධ්‍ය ජාලයේම සේවය කරන කෙනෙක්. ඇය තමයි පූර්ණිකා පීරිස්. කෙසේවෙතත් ඇයත් පැවත එන්නේ මෙරට ජනප්‍රිය කලා පවුලකින් වන අතර ඇගේ සහෝදරිය තමයි චතුරිකා පීරිස්. ඇය මෙරට කලාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්

කොහොමහරි පූර්නිකා කියල කියන්නේ මීට පෙරදී විවාහවෙලා හිටපු කෙනෙක්. ඇය පළමු විවාහයෙන් වෙන් වෙලා තමයි පේෂළ සමගින් විවාහ වෙන්නේ. ඉතින් පේෂල සමගින් විවාහවෙන ඇය මේවෙනකොට ආදරණීය මවක් වෙනවා. ඒ හේතුව නිසාවෙන්ම ඇය කලා කටයුතුවලින් තරමක් ඈත්ව තමයි කටයුතු කරන්නේ. ඇත්තෙන්ම කාලයක් මේ යුවළ පිළිබඳ සමාජ ජාලා මාධ්‍ය තුළ අති විශාල කතාබහක් ඇතිවෙනවා. ඒ මොවුන්ගේ විවාහයෙන් අනතුරුවයි. කොහොම නමුත් පූර්නිකා මේ විදිහට පේෂල සමගින් විවාහවීමට සිතන්නේ විවාහයෙන් වෙන් වෙලා එක් දරු මවක් වෙලා සිටියදී යි

කෙසේවෙතත් ඇය මේවෙනකොට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වෙනවා. ඉතින් මේ විදිහට පේෂලත් සමගින් විවාහවෙලා සුන්දර ජීවිතයක් ගතකරන ඇය පහුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් සමගින් එක්ව තිබුණා. එහිදී ඇය දෙදෙනාගේ සම්බන්ධය ගැන රසික රසිකාවන්ට කියල තිබුනේ මෙහෙම කතාවකුයි

” දෙරණ නාලිකාවේ ඉන්න හැම නිවේදක නිවේදිකාවක් ම ඉන්නේ එකම පවුලක් වගේ. පේෂලත් දෙරණ නාලිකාවේ ඉන්න නිවේදකයෙක්. අනිත් අයත් එක්ක ගොඩක් කිට්ටුවෙන් හිටියත් පේෂලව මට මුණ ගැහෙන්නේ අවුරුදු වැඩ සටහන් වැඩසටහන් කරනකොට හරි මොකක් හරි විශේෂ දෙයක් කරනකොටයි විතරයි. අවුරුද්දකට වරක් දෙවරක් වගේ තමයි ඔහුත් සමග වැඩ කරන්න වෙන්නේ. ටික දිනකින් පේෂලගේ විශේෂත්වයක් තියෙනවා කියලා මට දැණුනා. ඒත් මම ඒකට ලොකු ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. මොකද ඒකට හේතුව මම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා. වගේම මට තිබ්බ ප්‍රශ්නත් ගොඩක් සංකීර්ණ නිසා

කොහොම උනත් මම පේෂලට කලින් එකට පවුල් කාපු ජීවිතයක් තිබුණා. ඒකනේ මට ආදිත්‍ය පුතා ඉන්නේ. ඊට එහා මගේ කසාද ගාණ ගැන මිනිස්සු කියන ඒවා මම ගණන් ගන්නේ නැහැ. මමත් එක්ක ජීවත් වෙන කෙනා මම ගැන දැනගන්න එක ඇති කියලයි මම හිතන්නේ. මොකද ඔය එක එක කතා කියන මනුස්සයන්ගේ ජීවිතවල ආපස්සට හැරිලා බැලුවම විවාහ සහතික නැති වුණාට ඕනතරම් ලිවින් ටුගෙදර් සම්බන්ධ, ප්‍රේම සම්බන්ධ තිබිලා ඇති. ඒ නිසා මම කාත් එක්කවත් අනවශ්‍ය විදියට ගැටෙන්න මට වෙලාවක් නෑ. අද වෙනකොට මම සාර්ථකයි. පුතාව හොඳ පාසලකට දාලා එයාට උගන්වනවා. ආදරණීය සැමියෙක් ලැබිලා ඉන්නවා. ඉතිං තවත් මොනවද.” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්