Feb
9

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මනරංජන නොවන වැඩවර්ජන

 
2008 Views
   
 

රටේ ආර්ථිකය නැංවීම සඳහා ජාතික ප්රතිපත්තියක් සකස් කොට එය ක්රියාත්මක කිරීමට නොහැකි වීම අප ලබා ඇති විශාල පරාජයකි. අවුරුද්ද පුරා රටේ වැඩ කරන ජනතාව වරින් වර උද්ඝෝෂණවල යෙදීම අපේ පසුබෑමට තවත් හේතුවකි. විදේශීය බලපෑම්වලට යටත්ව බලය හුවමාරු කර ගැනීම සඳහා දේශපාලන කුමන්ත්රණවල යෙදීම තවත් පසුගාමී ලක්ෂණයකි.

ජාතික සමගිය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බාධා තිබීම තවත් අවුලකි. මේ එකිනෙක අර්බුදවලට විසැඳුම් නැතිව ප්රතිපත්ති සම්පාදනයෙන් පමණක් අපේක්ෂිත ආර්ථික ඉලක්ක ජය ගැනීම අපහසුය. එය පාලකයන් මෙන්ම පාලිතයන් ද වටහා ගත යුතුව තිබේ. වෘත්තීය සමිති කිහිපයක් මේ වන විට වර්ජන රැල්ලක් සැලසුම් කරමින් සිටින බව වාර්තා වී ඇත. එහි එක් පියවරක් පෙරේදා දැක ගත හැකි විය. සෞඛ්ය ක්ෂේත්යේ වර්ජනයක් පැවැතිණි. කළමනාකරණ සේවා විරෝධතාවක් හා පිරිවෙන් ගුරුවරුන්ගේ විරෝධතාවක් ද දැක ගත හැකි විය.

කැලණිය විශ්වවිද්යාලයෙන් ද උද්ඝෝෂණයක් පැන නැඟී තිබිණි. මේ එකක්වත් ඇත්ත හේතු මත පදනම්ව සිදු කළ විරෝධතා ලෙස සැලකිය නොහැකිය. සියල්ල තුළ ඇත්තේ ආණ්ඩුව අපහසුවට පත් කිරීමේ දේශපාලන වුවමනාවකි. පිරිවෙන් ගුරුවරුන් විරෝධතාවක නිරත වූයේ දිනක නිවාඩුවක් පදනම් කරගෙනය. එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හොඳටම ඉඩ ප්රස්ථා තිබිණි. සෞඛ්ය ක්ෂේත්රය හතරට පහට කැඩී ඇත.

එකිනෙක සංවිධාන ස්වකීය දේශපාලන වුවමනාවන් මත ක්රියා කරනු දැක ගත හැකිය. පිරිසක් වැඩ කරති. තව පිරිසක් වැඩ වරති. සියල්ලෝම ඉහළ වැටුප් හා තවත් පහසුකම් ලබති. ඒ අතර, ජනතාව පීඩාවට පත් කරති. සෞඛ්ය ක්ෂේත්රයේ ඊනියා වෘත්තීය සමිති නායකයෙක් දිගින් දිගටම ගෑස් ප්රශ්නය අල්ලාගෙන ආණ්ඩුවට පහර දෙයි. මහජනයා වෙනුවෙන් පෙනි සිටීම හොඳ දෙයක් වුව වෘත්තීය සමිති නායකයා කරන්නේ විශාල ප්රෝඩාවකි. ඔහු ප්රෝඩාවක යෙදී සිටින බව ජනතාවට ද තේරුම් යා යුතුය.

ගෑස් ප්රශ්නය නිමාවකට පත් වී එහි රස්නය යන්නට පෙර එහිම තව ගැටලුවක් ඇති කිරීමට වෘත්තීය සමිති නායකයාට වුවමනා වී තිබේ. දේශපාලන අරමුණු මත ක්රියාත්මක වන වර්ජන පවතින තුරු රටක් ඉදිරියට තල්ලු කිරීම අමාරුය. එබඳු පසුබිමක් තුළ ආණ්ඩුවේ හොඳ නරක දෙකටම විරුද්ධ වීම ඔවුන්ගේ කාර්ය භාරය වෙයි. ඊනියා වෘත්තීය සමිති නායකයන් කොවිඩ් එන්නත්කරණය අසාර්ථක කිරීමට බලවත් පරිශ්රමයක යෙදුණු බව කවුරුත් පිළිගත යුතු කාරණයකි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි විය. ජනතාව දෙවන මාත්රාව තෙක් සාර්ථක ගමනක් පැමිණ සිටිති. මන්දගාමී වී ඇත්තේ තුන්වන මාත්රාව පමණි.

එය නීති මාර්ගයෙන් හෝ ජනතාවට ලබා දෙන තැනකට ආණ්ඩුව යා යුතුය. වෘත්තීය සමිතිවලට අවශ්ය ලෙස රටවල් පාලනය කිරීමට පුළුවන්කමක් නැත. සාර්ථක පාලකයෝ වෘත්තීය සමිති පාලනය කරති. පවතින වසංගත තත්ත්වය යටතේ ලෝකයේ කිසිදු රාජ්යයක සෞඛ්ය ක්ෂේත්ර වැඩ වර්ජනවලට යන්නේ නැත. ජනතාවගේ දිවි ගලවා ගැනීමේ සටනට එම රටවල සෞඛ්ය අංශවලින් උපරිම සේවාවක් ලැබේ. අපේ රටේ සෞඛ්ය ක්ෂේත්රයේ බහුතරය මහත් කැපවීමකින් අර්බුදය ජය ගැනීම සඳහා සටන් වැදී සිටින බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. එම සේවක ප්රජාවගේ ගෞරවයට ද හානි කරන ලෙස යථෝක්ත වෘත්තීය සමිති කිහිපය ක්රියා කරයි.

ඔවුන් අනුගමනය කරන්නේ දේවදත්තගේ න්යාය යැයි කිව හැකිය. එනම්, තමන් ද විනාශ වී අන්යයාක් විනාශ කිරීමය. සෞඛ්ය ක්ෂේත්ර මේ කියන වෘත්තීය සමිති වර්ජන පටන් ගන්නේම කොවිඩ් උත්සන්න වන අවස්ථාවලය. මේ මොහොතේ ද කොවිඩ් නව රැල්ලක් පැතිරයමින් පවතී. ඊනියා වෘත්තීය සමිති නායකයෝ ඉන් උපරිම දේශපාලන ප්රතිඵලයක් අපේක්ෂා කරති. එක්කෝ මේ වෘත්තීය සමිති නායකයන් ආණ්ඩුවෙන් පාඩමක් උගත යුතුය. නැත හොත් ජනතාවගෙන් පාඩමක් උගත යුතුය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්