Oct
5

ලබන වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ ජනපතිගේ වියදම වාර්තාගත ලෙස අඩු කරයි

 
431 Views
   
 

විසර්ජන පනත් කෙටුම්පත යනු ඔබ අපි කවුරුත් දන්නා ” අය වැය ” වාර්තාවයි. ලබන වසර සඳහා වන අයවැය වාර්තාවට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3කි. ඉන් බිලියන 1,776කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්ය. පුනරාවර්තන වියදම් යනු, “අදාල වර්ෂය තුළ දෛනික රාජ්‍ය සේවා පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම සඳහා දරන වියදම්ය. ”

උදාහරණ : . පොලී ගෙවීම,රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම,පොහොර සහනාධාරය,විශ්‍රාම වැටුප් ගෙවීම් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ගරුපියල් බිලියන 2.78කි. 2019 බෝල්පොයින්ටි පෑනෙන් අත්සන් කළ සරල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 13 කි. සිරිසේන ජනාධිපතිවරයාට සාපේක්ෂව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ වැය ශීර්ෂය 21% කි. වෙනත් නායකයින් පටි තද කර ගන්නා ලෙස පැවසූයේ ජනතාවටයි. මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එය ක්‍රියාවෙන් ආදර්ශයක් ලෙස පෙන්වා ඇත.
තමන්ගෙ පෞද්ගලික ආරක්ෂකයින්, කාර්ය මණ්ඩල, නිල නිවාස, පරිවාර රථ, සංග්‍රාහ දීමනා, විදෙස් සංචාර සහ සියළුම අනවශ්‍ය වියදම් ජනාධිපතිවරයා විසින් අඩු කර නායකයෙක් ලෙස රට වෙනුවෙන් විශාල කැපකිරීමක් පෙන්වා ඇත.

එය ඉතිහාසයේ මින් පෙර සිදු නොවු සිදුවීමකි. මෙම බිලියන 2.78 ද ඔහුගේ පෞද්ගලික සුඛවිහරණයට නොව ජනාධිපති කාර්යාලය, සේවක පඩි නඩි සහ පුනරාවර්තන වියදම්ය. එමෙන්ම ජනතාව වෙනුවෙන් ප්‍රදානයන් සිදු කරන ජනාධිපති අරමුදල ද එයට අයත්ය. නිදහසින් පසු වසර 73 ක ඉතිහාසයේ මෙවැනි කැපකිරීම් කළ නායකයෙකු අපට සිටියේ නැත. ලෝක ඉතිහාසයේ පවා ජනාධිපති වැය ශීර්ෂය වසරින් වසර වැඩි වූවා මිස කිසි දිනක අඩු වී නැත.
ජනාධිපතිතුමාගේ මේ කැප කිරීම සඳහා මම ඔබට උදාහරණ දෙකක් පමණක් පෙන්වමි. සජිත් ප්‍රේමදාස නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කරද්දි ජනතාවට නිවාස සාදා ගැනීමට 250,000 ක ණය මුදලක් දී තමන්ගෙ ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා තමන්ගෙ නම කොටා ඇති නාම පුවරුවට රුපියල් 6,400,000 ක් වියදම් කළේය. මිලියන ගනන් වියදම් කර රට පුරා පෝස්ටර් ඇලෙව්වේය.

බස්නාහිර සංවර්ධන ඇමති පා.ච. රණවක තමන්ගෙ ප්‍රතිරූපය සාදා ගැනීමට ” යකඩ මිනිසා ” ව්‍යාපෘතිය සඳහා ජනතා මුදල් රුපියල් 150,000,000 ක් වියදම් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ එකදු පෝස්ටරයක් හෝ කටවුට් එකක් ගැසුවේ නැත. අයවැය කතාව මුදල් අමාත්‍යවරයා විසින් නොවැම්බර් 12 වනදා පස්වරුවේ සිදු කිරීමට නියමිත අතර අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි. මම ඔබට තවත් අනාවැකියක් කියමි.
මෙවර අයවැය විපක්ෂය තුෂ්ණිම්භූත කරන ජනතාව සතුටු කඳුළු වගුරුවන පෙරලිකාර තීන්දූ රැසක් සහිත ජනතා හිතකාමි අයවැයක් වන බවය. එන්න අපි එක්ව 2024 දී පා.ච. හෝ සජිත් ජනාධිපති කොට ගෝඨාභයව ගෙදර යවමු.
(නිලන්ත සත්සර ගමගේ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්