Jul
19

ලාෆ් ගෑස් නවතියි?

 
1566 Views
   
 

රට තුළ පවතින ඩොලර් සංචිත හිඟය හේතුවෙන් ඉදිරියේදී ගෑස් ආනයනය සීමා කිරීමට සිදුවිය හැකි බව ලාෆ් ගෑස් සමාගම පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතවී ඇති බවයි.

මෙම මුල්‍ය අර්බුදයත් සමග මේ වන විට ඇතැම් බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, අප කළ විමසිමකදී තහවුරු කළා.

කෙසේ වෙතත්, ලිට්රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ ගෑස් ආනයනය කිරීම සම්බන්ධයෙන් තම සමාගමට කිසිදු ගැටලුවක් උද්ගත වී නො’මැති බවයි.

මෙරට ගෑස් වෙළදපළේ සියයට 75කට කොටසක් ලිට්රෝ ගෑස් සමාගමට හිමි අතර ලාෆ් ගෑස් සමාගමට හිමිව ඇත්තේ සියයට 25ක ප්‍රමාණයක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්