Nov
27

පුපුරන ගෑස් වල ඇත්ත නැත්ත සහ ප්‍රොපේන් බියුටේන් කතාව

 
590 Views
   
 

හැමතැනම කතාවෙන මේ ගැන මමත් මගේ දැනුමට අනුව මේ පටලැවිල්ල ලිහාගන්න හිතුවා. මොකද මමත් ලංකාවේ එක් ගෑස් සමාගමක අවුරුදු 6 ක් පමණ LP ගෑස් නැවෙන් ගොඩ බෑම ගැන භාරව හිටපු ඉංජිනේරුවෙක් නිසා . ලෝක වෙලදපොලේ ප්රොපේන් වැඩිපුරම අලෙවි වෙන්නේ සීත රටවල. මොකද එහි ඇති උණුසුම වැඩිවීමත් එක්ක පීඩනය වැඩිවීම ටිකක් වැඩි නිසා . බියුටේන් මැදපෙරදිග උණුසුම් රටවල බහුලව භාවිතවෙනවා. නමුත් අපේ වගේ රටවලට ගැලපෙන්නේ මේ දෙකේ මිශ්රණයක්. ඉතින් සාමාන්යයෙන් 20% සිට 40% දක්වා ප්රොපේන් සංයුතිය වෙනස් කොට අපිට භාවිතා කල හැකියි. සීත රටවල සීත කාලෙට නිවාස උණුසුම් කිරීමට ප්රොපේන් යොදා ගැනීම නිසා එම කාලයට බියුටේන් වලට සාපේක්ෂව ප්රොපේන් වල මිල අධිකව ඉහල යනවා.

සාමාන්යයෙන් අවුරුද්දේ මැද මාස කිහිපයක් පමණක් ප්රොපේන් වල මිල බියුටේන් මිලට සමාන හෝ මදක් අඩු මට්ටමක පවතිනවා . ඉතින් ගෑස් සමාගම් සමහර විට මෙම ප්රොපේන් මිල අඩු කාලයකදී වැඩි ප්රොපේන් සංයුතියක් අපේ ගෑස් ටැංකියට දමා අපට එව්වේ යයි හිතමු .

එතකොට මෙය මහා භයානක තත්වයක්ද ?

ලංකාවේ ගෘහස්ථ ගැස්සිලින්ඩර නිපදවා ඇත්තේ SLS1178 කියන ප්රමිතියට අනුවයි . එය අනිවාර්යයෙන්ම ඔබගේ නිවසේ සිලින්ඩරයේ සඳහන් කර තිබේ . ඒ සමගම එහි තවත් කරුණු කිහිපයක් එහි දැක ගත හැක . එනම්

1. එම සිලින්ඩරය බාර් 30 ක් ( 30bar) හෙවත් මෙගා පැස්කල් 3 ක් (MPa) දක්වා ඔරොත්තු දෙන බව ( එනම් සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයකදී ) TP 3.0MPa

2. සිලින්ඩරය සැලසුම් කල කාමර උෂ්ණත්වයේදී ( 28 C පමණ ) ඇතුලත බාර් 17ක හෙවත් 1.66 MPa පීඩනයක වැඩකිරීමට සාදා ඇති බව ( DP 1.66MPa) ලංකාවේ සාමාන්ය භාවිතයේ ගෑස් වල පීඩනය (28C උෂ්ණත්වයේදී) 4Bar පමණ වෙයි

3. එහි ප්රොපේන් පමණක් පුරවන්නේ නම් කොපමණ බරක් පිරවිය යුතුද යන්න

ඒ අනුව 5 kg සිලින්ඩරයක ප්රොපේන් පමණක් 5 kg පුරවා ආවත් එය පුපුරා යා නොහැක . 12.5 Kg සිලින්ඩරයකට ප්රොපේන් පමණක් 11 kg පුරවා එව්වත් අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 වනතුරු එය පුපුරා යා නොහැක . නමුත් හරි හමන් අධීක්ෂණයක් නොමැතිව මෙම ඕනෑම ගෑස් සිලින්ඩරයක් භාවිතා වේදී විය හැකි අතපසුවීම් නිසානම් සිලින්ඩර පුපුරා යා හැක . 

එමෙන්ම බියුටේන් වෙනුවට ප්රොපේන් ලැබෙන්නේනම් එහි ඇති අධික ශක්තිය නිසා පාරිභෝගිකයාට අමතර ලාබයක් නම් අනිවාර්යයෙන් ලැබෙයි . මොකද බියුටේන් සඳහා 47.39 MJ/kg සහ ප්රොපේන් සඳහා 49.58MJ/kg ලෙස ශක්තිය අන්තර්ගත වී ඇති නිසා ප්රොපේන් සඳහා 5%ක පමණ වැඩි ශක්තියක් ලැබෙන බැවිනි . 

ලංකාවේ සාමාන්ය භාවිතයේ ඇති 70% බියූටේන්/30% ප්රොපේන් ගෑස්වල පීඩනය කාමර උෂ්ණත්වයේදී ( 30C) දී බාර් 4.2ක් පමණ වෙයි. එය 70% ප්රොපේන් /30% බියුටේන් දක්වා වෙනස් කලත් කාමර උෂ්ණත්වයේදී (30C) ගෑස් පීඩනය වනූයේ බාර් 7.5ක පමණ අංගයකි. 

එනම් සාමාන්ය ගෘහස්ත රෙගියුලේටරයකට පාලනය කළ හැකි මට්ටමකි. සමාජ මාධ්යයේ සැරිසරන වීඩියෝවක් දැක මෙය එකතුකරමි. අපගේ ගෑස් සිලින්ඩර වලට බාර් 30 ඔරොත්තු දිය හැකි නිසා 100%ක් ප්රොපේන් එව්වත් , අපගේ කාමර උෂ්ණත්වය සෙල්සියස් 43ට වැඩි උනත් ඇතුලත පීඩනය වනුයේ බාර් 14ක් පමණි . 

නමුත් ගෑස් ලීක් වෙන්නේ එම වෑල්වයේ කාර්මික දෝෂයක් හේතුවෙනි. එයට භාවිතයේ සිදුවන වැරදි මුලික වන අතර එය නිවැරදි කිරීම ගෑස් සමාගමේ වගකීම වෙයි . නමුත් ගෑස් වල සංයුතිය වෙනස් වීමනම් එයට හේතුවක් නොවේ . තවද එක් පුවතක ගැස් කාන්දුවකින් සිදුවූ ගින්නක් ගැස් ටැංකියක් පුපුරා ගොස් යන උදෘතය ඔස්සේ පලකලත් එහි චායාරූපයේ ගැස් ටැංකිය ගින්නෙන් පසුත් නිරුපද්රිතව ඇති අයුරු ඔවුන් විසින්ම පළකර සිටී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්