Feb
12

කරුමයක් වූ නරුමයන්ගේ දේශපාලනය

 
1944 Views
   
 

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයට ද එහි නායකයා යැයි කියන සමන් නමැත්තකුට ද කොළඹ දිසා අධිකරණය මඟින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ඒ අනුව ලබන විසිහතර දා තෙක් වැඩ වර්ජන පැවැත්වීම තහනම්ය. චුදිතයන්ට මේ සඳහා කරුණු දැක්වීමට අවස්ථාවක් ද දී ඇත. සෞඛ්ය අමාත්යවරයා පෙන්වා දෙන අන්දමට වර්ජනය අයුක්තිසහගතය. එම වර්ජනය සංවිධාන වී ඇත්තේ දේශපාලන අරමුණු පාදක කරගෙනය.

අපගේ වැටහීමට අනුව ඇමැතිවරයා නිවැරැදිය. එය සාමාන්ය ජනතාව පවා වටහා ගෙන ඇති කාරණයකි. පවතින වර්ජනය වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනකුගේ දේශපාලන අරමුණු උදෙසා පැවැත්වේ. ජනතාවගේ දුක, කඳුළ, වේදනාව නොහඳුනන නරුමයන් දේශපාලනයට ගැළපෙන්නේ නැත. එබඳු නරුමයන් කුමන හෝ ආකාරයකින් දේශපාලනයට සම්බන්ධ වුව එතැන සිදු වන්නේ විනාශයකි.

දේශපාලනයට පමණක් නොව, රාජ්ය සේවයට ද එය අදාළය. සෞඛ්ය වර්ජනයෙන් පීඩාවට පත් අහිංසක මිනිසුන් නඟන චෝදනා හා මැසිවිලි අසන කිසිවකුට වර්ජකයන් ගැන පැහැදීමක් ඇති වන්නේ නැත. ඔවුන් මනුෂ්යත්වය නොහඳුනන යක්ෂයන් හෝ පෙරේතයන් හෝ ලෙස හඳුන්වාදීමට පුළුවන. වර්ජනයෙන් පීඩාවට පත් වූ සියල්ලෝම අසරණයෝය. යමක්-කමක් ඇති අය ආණ්ඩුවේ රෝහල් දෙස බලන්නේ නැත. හෙද සංගමය මොන ජල්ලියක් නැටුව ද ධනවතුන්ට ඒවායින් වැඩක් නැත. හෙද සංගමය ඇතුළු සේවක වෘත්තීය සමිති දහඅටක් වර්ජනයේ නිරත බව කියති. ඒ අතර සෞඛ්ය කාර්යමණ්ඩලවලින් වෛද්යවරු ඇතුළු තවත් පිරිසක් අඛණ්ඩ සේවාවක නිරත වෙති. එම දෙවිවරුන්ට ජාතියේ කෘතඥතාව හිමි විය යුතුය.

දැන් පවතින වර්ජනයට කිසිම ආකාරයකින් ජයග්රහණයක් නොදිය යුතුය යන්න අපගේ පිළිගැනීමය. අප එසේ අවධාරණයක් ගෙන එන්නේ හේතු දෙකක් නිසාය. එක: වර්ජනයකට සාධාරණ හේතු නැත. එම ඉල්ලීම්වලින් සමහරක් කිසිසේත්ම ඉටු කළ නොහැකිය. දෙක: දේශපාලන අරමුණු ජය ගැනීම සඳහා වෘත්තීය අයිතිවාසිකම් භාවිත කළ යුතු නැත. එහෙත් දැන් සිදු වන්නේ එයයි. කොවිඩ් උත්සන්න වෙත්දී කොවිඩ් මර්දනය කඩාකප්පල් කිරීමට උක්ත වෘත්තීය සමිති නායකයන් දිගටම ක්රියා කර තිබේ.

වර්ජකයන් ඉල්ලීම් හතක් ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. එයින් කිහිපයක් දිය හැකි බවට ඇමැතිවරයා පොරොන්දු වී ඇත. එහෙත් කිසිසේත්ම ඉටු කළ නොහැකි ඉල්ලීම් ද ඒ අතර පවතී. ඉන් එකක් වන්නේ රටේ සියලුම පාසල් දරුවන්ට නොමිලේ මුව ආවරණ දීමය. තව එකක් වන්නේ වහාම ක්රියාත්මක වන පරිදි ඖෂධ මිල අඩු කිරීමය. මේවා කළ නොහැකි බව මොළය කළඳක් ඇති ඕනෑම කෙනකු වටහා ගනු ඇත. මෙබඳු ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව සමඟ ගැටුමක් ඇති කර ගනිමින් වර්ජන රැල්ලක් ඇති කිරීමටය.

එවිට කොවිඩ් උත්සන්න වී ආණ්ඩුව බලවත් අසීරුවකට පත් වනු ඇතැයි වෘත්තීය සමිති නායකයන් කල්පනා කරනවා විය යුතුය. ආණ්ඩුවකට වෘත්තීය සමිතිවල පදයට නටන්නට පුළුවන්කමක් නැත. විශේෂයෙන් දේශපාලන ඉලක්ක පසුපස හඹායන වෘත්තීය සමිතිවලට ආණ්ඩුව ඇහුම්කන් දිය යුතු නැත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්