Jul
30

නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගුයි

 
1656 Views
   
 

කොවිඩ් සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව සඳුදා (02) සිට සියලුම රාජ්ය සේවකයන් සාමාන්ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්