Mar
21

“..ජීවිතය ජයග්‍රහණය කරන්න වයසක් නැහැ. ඔයාගේ හිතේ “හයිය” විතරයි ඕන..” පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ඉන්දීය කාන්තාවට නිළි යුරේනි නොශිකාගෙන් සුබ පැතුම්

 
1855 Views
   
 

ශ්‍යාමලා ගෝලි කියන කාන්තාව පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනු ලොව දෙවන කාන්තාව ලෙස පත් වුණා. ඊයේ දිනයේදී ඇයට සුබ පතමින් මෙරට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සුබ පතමින් ට්විටර් සටහනක් තබා තිබුණා.

ඇය සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි යුරේනි නෞෂිකා සුබ පැතුමක් එක් කර තිබුණේ මෙලෙසින්.

ඊයේ ශ්‍යාමලා ගෝලි කියන අවුරුදු 47ක් වයස ඉන්දියානු කාන්තාව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනපු ලෝකයේ දෙවැනි කාන්තාව බවට පත් වුණා.

ඒ ගැන කියවනකොට මාව පුදුමයට පත් වුණේ ඇය පිහිනන්න ඉගෙන ගෙන තියෙන්නේ මීට අවුරුදු 4කට කලින් වීම නිසයි. අවුරුදු 4ක් වගේ කෙටි කාලයක් තුළ කිලෝමීටර් 30ක සමුද්‍ර සන්ධියක් හරහා ගිහින් ලෝක වාර්තාවක් තියෙනවා කියන්නේ මොන වගේ කැපකිරීමක්, ආත්ම විශ්වාසයක්, අධිෂ්ඨානයක් ඇය තුළ තියෙන්න ඇත්ද?

අපි හැමෝටම ඒ විදියේ කැපකීරීම් කරන්න අවශ්‍ය අධිෂ්ඨාන‍ය සහ ආත්ම විශ්වාසය ස්වභාවිකව උරුම වෙලා තියෙනවා. ඒත් අපි හුග දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන්නේ එක්කෝ ජීවත් වෙන්නම් වාලේ,එහෙම නැත්නම් ජීවිතයේ හම්බ වෙන නොයෙක් ප්‍රශ්න ගැන කලකිරීමෙන්.

කැපවීම , අධිෂ්ඨාන‍ය, ආත්ම විශ්වාසය තියෙනවා නම් ජීවිතයේ ජයග්‍රහණය කරන්න බැරි දෙයක් නැහැ . මොකක් හරි හේතුවක් නිසා තාවකාලිකව හරි පරාජිත මානසිකත්වයකින් ඉන්නවනම් ශ්‍යාමලාව ආදර්ශයට අරගන්න. ජීවිතය ජයග්‍රහණය කරන්න වයසක් නැහැ. ඔයාගේ ‘හිතේ හයිය’ විතරයි ඕන.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්