ලබන සතියේ සිට සීනි මිල අඩු කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ, වෙළඳපොළේ ඉහළ ගොස් ඇති සීනි මිල සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.
සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න ඊයේ ප්‍රකාශ කළේ සීනි මිල අඩු කළ නො හැකි බවයි. එසේ ම මේ මොහොතේ තමන් සතු ව පවතින්නේ සති දෙකකට හෝ තුනකට ප්‍රමාණවත් සීනි තොග පමණක් බව ද ඔහු අනාවරණ කළා. මෙරට සීනි මිල පිලිබඳ ව මේ වනවිට ඇතිව තිබෙන්නේ දැඩි සංවාදයක්. සති කිහිපයක් තුළ සීනි කිලෝවක් රුපියල් 100කට වැඩි මිලකින් ඉහළ යාම ඊට හේතුවයි.