Oct
21

යලි පිබිදෙන සංචාරක කර්මාන්තය

 
277 Views
   
 

අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණ සංචාරක කර්මාන්තය අවුරුදු දෙකකට ආසන්න කාලයක ඉදල ඉතා අවදානම් තත්වයකට පත්වුණා කියන කාරණේ අපි හොදටම දන්න දෙයක්. මේ තත්වය අඩුවැඩි වශයෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ තිබුණට උච්චතම අවස්ථාවට ආවෙ කොරෝනා වසංගතය ලෝකෙ පුරා පැතිරීමත් එක්කම තමා.
සුළු, මධ්‍යම වගේම මහා පරිමාණව සංචාරක ක්ෂේත්‍රයෙ නියැලුණු ජනතාව මේ තත්වයත් එක්ක අන්ත අසරණ තත්වයට පත්වුණා. අපේ රටට ඩොලර් ගලා එන එක් ප්‍රධාන මාර්ගයක් වුණ සංචාරක කර්මාන්තයෙ පසුබෑම නිසාම අපේ රටේ විදේශ මුදල් සංචිතයටත් දැඩි බලපෑම් එල්ල කලා කිව්වොත් නිවැරදියි.

කොවිඩ් වසංගතය හේතුවෙන් අඩාළ වී තිබූණ සංචාරක කර්මාන්තය මේ වන විට නැවතත් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවට වාර්තා අදවෙන කොට අපිට ලැබිල තියෙනව. මේක තමා විය යුත්තෙත්. රටක් විදියට අපිට දිගටම වහගෙන ඉන්නත් බෑ. සුළුවට හරි වැටුණු කර්මාන්ත ආපහු පටන්ගන්නම ඕනෙ. මුළු ලෝකෙම බැටකාපු කොරෝනා අපිටත් කලේ සුළුපටු හානියකුත් නෙමේ.

මොන දේ කරන්නත් අපිට ඉවසීම තියෙන්නම ඕනෙ. අවුරුදු දෙකකක් වෙච්ච පාඩුව එක දවසකින් ලබාගන්නත් බෑ. සංචරන සීමා ආරක්ෂා කරගෙන වගේම සුපුරුදු සෞඛ්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කරමින් හෙමීට මේ ගමනආරම්භ කලොත් 2022 අපිට වාසනාවන්ත අවුරුද්දක් වෙයි කියන කාරණාව අපේ හිතේ තියාගන්න පුළුවන් වේවි. කොරෝනා තියෙන්නෙ වෙන කාගෙවත් ලග නෙමේ තමා ලග බව හිතල වෙනදට වඩා ඉවසීමෙන් කටයුතු කලොත් වැඩ්කල් නොගිහින් අපිට මේ තත්වය මනා ලෙස පාලනය කරන්න පුළුවන් වෙයි. ඒකට ඔන්න වෙන්නෙ උපරිම ඉවසීම වගේම කැපවීම. අවාසනාවන්ත විදියට අපේ රටේ නැත්තෙත් ඔය කියන කාරණාම තමා. විදේශීය සංචාරකයන් පිරිසක් හික්කඩුව පැරෑලිය ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් නැරඹිමට පැමිණ කැස්බා පැටවුන් මුහුදට මුදාහැරිය මේ අති සුන්දර දර්ශණය අපේ රටේ අනාගත්‍ය ගැන ගොඩක් දේවල් කියාපාන බව අපිට විශ්වාසයයි. (උපුල් දේවප්‍රි)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්