Jun
7

‘ඊළඟ වතාවේ මම ජනාධිපති වුණා ම මගෙන් රෑ කෑම ඉල්ලන්න එපා’ – ට්‍රම්ප් සකර්බර්ග්ට කියයි

 
1986 Views
   
 

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වසර දෙකකට තහනම් කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබේ. කැපිටල් හිල් සිද්ධිය හේතුවෙන් පසු ගිය ජනවාරි මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් තාවකාලිකව තහනම් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය පැවසුවේ, ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයෙන් ෆේස්බුක් සමාගමේ නිතී දැඩි ලෙස උල්ලංඝණය වී ඇති බවයි. මෙය පසුගිය වසරේ ජනාධිපතිවරණයේ දී තමන්ට ඡන්දය ලබා දුන් මිලියන සංඛ්‍යාවක ජනතාවට සිදු කරන අපහාසයක් බව ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, එරට 2024 ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප්ට නැවත මෙම සමාජ මාධ්‍ය භාවිත කිරීමට අවසර ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “ඊළඟ වතාවේ මම ජනාධිපති වුණාම මාක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ සමග තවත් රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වන්නේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් පවසා තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්