Nov
24

“තෙල් පිරිපහදුව පාඩුවක් නම් පිටරටින් ඇවිත් පිරිපහදුවක් හදයිද ?”

 
1104 Views
   
 

තෙල් ඇමතිගේ නම අපේ ඉතිහාසය පොතේ රන් අකුරෙන් නෙවෙයි තාරවලින් ලියන්නට සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා පැවසීය. මන්ත්රීවරයා මෙසේ පැවසුවේ පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි.

එහිදී මන්ත්රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපේ තෙල් පිරිපහදුව බොර තෙල් නැතුව වහන්න සිදුවෙන ප්රථම අවස්ථාව මේකයි. මෙවැනි තත්ත්වයක් කිසිම දවසක ඇති වුණේ නැහැ. විවිධ හේතු කාරණා කිව්වට මේ දැන් වන විට එක හේතුවක් දැනගන්න ලැබෙනවා. එය නයිජීරියානු ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉන්න කොම්පැනියකින් තමයි තෙල් ගන්න ඕඩරයක් දුන්නේ. මොකක් හරි හේතුවකට හැමදාම අපේ රටට තෙල් සපයන ප්රධාන පෙළේ තියෙන තෙල් සමාගම් ආයතන වලට ඕඩරය නොදී නයිජීරියාවේ කොහේද තියෙන කොම්පැනියකින් තෙල් ගන්න ගිහින් තුන් පාරක් ඒ ඕඩරය යැවුවේ නැහැ. මම දන්නා තරමට ඒ ආයෝජකයන් අත්සන් කරපු බොන්ඩ් එකක් අවලංගු කරන්න සිදුවෙලා. ඇමතිවරයාගෙන් අහනව මෙහි වගකීම ඇමතිවරයා භාරගන්නවද කියලා. 

රටේ තෙල් සුරක්ෂිතභාවයට බරපතළ හානියක් ඇති වෙලා. එය අවදානම් තත්ත්වයක තියෙන්නේ. ජාතික ආරක්ෂාව ගැන නිතරම කතා කරන අවධියක තෙල් සුරක්ෂිතභාවය ඉතාම වැදගත් අංගයක් කියන එක කාටත් පැහැදිලියි. මේ පිරිපහදුව වැසීමේදී අපිට පේන එකක් තමයි ඇත්තටම ජාතික සම්පත් විකිණීමේ කුමන්ත්රණයේ එක් කොටසක් හැටියට. මොකද මේක වසාගන්න පසුබිමකට පසුගිය අවුරුද්ද තුළ කතන්දර ගොඩක් හැදුවා. දැන් මේකට අලුත් කතාවල් එකතු කරන්න යනවා. ඇමතිතුමාගේ තර්ක වලට මට පේන්නෙ නිරවුල් ප්රායෝගික බුද්ධියක් නැහැ වගේම න්යායානුභාවයක් පේන්නෙ නැති බවත් ඔප්පු කරන්නත් පුළුවන්. 

ඇමතිවරයා අවුරුද්දකට කලින් කැබිනට් මණ්ඩලයට ගිහින් පෙට්රෝලියම් එකේ 1960 පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් පත්රිකාවක් ගහලා අනුමත කර ගන්නවා. එයට අපේ රටේ තිබෙන තෙල් පිරිපහදු කිරීම, තෙල් ආනයනය කිරීම, තෙල් බෙදාහැරීම, විකිණීම. ඒ බලය තෙල් සංස්ථාවෙන් එහාට ඕනෑම විදේශ ආයෝජකයෙකුට ඕනෑම සමාගමකට ලබා දීම සඳහා කැබිනට් පත්රිකාවේ අනුමැතිය ලබා ගන්නවා. ඇමතිවරයා පත්තරයකට නොවැම්බර් 19වැනිදා කරන ප්රකාශයක එතුමා කියනවා පිරිපහදුවේ බොරතෙල් නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් කෙලින්ම පෙට්රල්, ඩීසල්, පිරිපහදු කරපු තෙල් ගේන එක ඊට වඩා ලාබයි, පිරිපහදුව දුවන එක පාඩුයි, ඒ නිසා අපට පිරිපහදු කිරීම අවශ්ය වන්නේ නැහැ අපිට පිටරටින් පෙට්රල් ගෙන එක වාසි කියලා. ඇමතිවරයාම එහෙම කියලා එය සාධාරණය කරන්න එතුමා උත්සාහ කරනවා. 

අපේ රටේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉංජිනේරුවරු කිහිප දෙනෙක් හදාපු ප්රස්තාරයක පෙන්වලා දෙනවා දැනට අපේ පිරිපහදුවේ අඩුපාඩු රැසක් තියෙද්දි අවුරුදු 30ක් 40ක් පිරිපහදුව අලුත්වැඩියා කරලා හරි තැනකට ගෙනාපු නැති තත්වයක් තියෙද්දී මෙහෙය ගෙනල්ලා පිරිපහදු කිරීමේ දී 10%ක වගේ ලාභයක් පිරිපහදු කිරීමේ වාසියක් අපට තියෙනවයි කියලා. ඒ විතරක් නෙමේ අද සේවකයෝ 1300ක් මේ පිරිපහදුවේ සේවය කරනවා. 

1969 පටන් ගත්ත පිරිපහදුව අද වෙනකන්ම කිසිම දවසක මේ වගේ තත්වයක් ඇතිවුනේ නැහැ. කිසිම දවසක වැහුවේ නෑ. ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ බුද්ධික මඩියහේවා මහතා ඉංග්රීසි පත්තරේකට ප්රකාශයක් කරනවා ලඟදි ඩොලර් මිලියන තුනක අලුත් පිරිපහදුවට ආයෝජකයෝ ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. ඩොලර් බිලියන තුනක් ආයෝජනය කරන්න එනවයි කියලා. 

එහිදී මම අහන්න කැමතියි ඇමතිවරයා කියනවනම් පිරිපහදු කිරීමෙන් අපිට පාඩුයි වැඩක් නෑ ඊට වැඩිය පිටරටින් ආනයනය කරන එක වාසියි කියලා එහෙම නම් මං අහන්නේ මොන සුද්දෙක් ද අපේ රටට ඇවිල්ල ඩොලර් බිලියන 03ක් ආයෝජනය කරල පිරිපහදුවක් ගහන්නේ. ඒක පාඩු නම් එ් ගොල්ලෝ මේ රටට ඇවිල්ලා තෙල් පිරිපහදුවක් හදන්න බිලියන ගානක් යොදවන්න හිතයිද ? “

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්