Jan
2

SLS නොසලකා චීන පොහොර මකරා කැබිනෙට්ටුවෙන් රිංගන්න යයි

 
1111 Views
   
 

චීන පොහොර ආනයනයට බාධා වන දේශීය ප්රමිති නොසලකා හැරිය හැකි සේ සැකසූ එකගතා ලියවිල්ලක් හෙට (03) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල හමුවේදී සම්මත කරගැනීමට ආණ්ඩුවේ බලවත්ම දේශපාලකයන් පිරිසක් උත්සාහ ගනිමින් සිටින්නේ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කාබනික පොහොර ආනයනය සඳහා දේශීය ප්රමිති සහතිකය වන SLS 1704 නොසලකා හරිමින් එම එකඟතා ලියවිල්ල සම්මත කර ගැනීමට යාම මෙහි බරපතලම කරුණ යැයි එම ජේෂ්ඨ නිලධාරියා පැවැසීය.

ප්රමිති නොසලකා හැරීමේ මෙම එකගතා ලියවිල්ල චීනයේ ෂින්ඩාවෝ සී වින් බයෝටෙක් පොහොර සමාගමේ වුවමනාව අනුව සිදුවන්නක් යැයිද එය ද්විපාර්ශික එකඟතාවක් සකස් කිරීමේදී ශ්රී ලංකාව සතු ස්වාධීපත්ය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් යැයිද ජ්යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.

සකසා ඇති මෙම එකඟතා ලියවිල්ලට කැබිනට් අනුමැතිය ලැබුණොත් අහිතකර ව්යාධිජනක මෙරටට පැමිණීමට දොරටු විවෘත වනු ඇතැයිද එය ඉතාම බිහිසුණු ප්රතිඵලයක් කෘෂිකර්ම ක්ෂේත්රයට උදාකරනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂි විද්යාඥයෝ කිහිප දෙනෙක්ම පැවසූහ.

සමහරවිට මෙය මෙරට කෘෂි කර්මාන්තයේ විනාශයේ ආරම්භය විය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.

පවතින නීතිමය තත්ත්වය යටතේ මෙවැනි පොහොර ආනයනයකදී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවසන් අනුමැතිය ඊට අවශ්ය වේ.

එහෙත් ප්රමිති සංශෝධනය කළ එකගතා ලියවිල්ලකට කැබිනට් අනුමැතිය ලැබුණහොත් එය ප්රශ්නකාරී වනු ඇතැයි විද්යාඥයෝ වැඩිදුරටත් අදහස් පළ කළහ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටෙස්ට් එච්.එච්.එස්.ඒ සිල්වා මහතා පැවසුවේ එවැනි ලේඛනයක් තමාගේ අතට ලැබී නැති බවයි.

පොහොර ආනයනය සම්බන්ධයෙන් දේශීය ප්රමිති වෙනස් කිරීමට විදේශීය සමාගමකට කිසිඳු බලයක් නැතැයි කී හෙතෙම එවැනි සංශෝධනයක් කරන්නේ නම් එය විය යුත්තේ දේශීය ආනයන පනත හරහා යැයිද අවධාරණය කළේය. චීනය ලංකාවට මීට පෙර පොහොර ආනයනයේ දී ප්රමිති පරීක්ෂාවේදී විදේශ සමාගමට ප්රධාන බාධාවක් වූයේ මෙම 1704 ප්රමිතියයි.

අධිකරණ ඇමති අලි සබ්රි, චීන පොහොර අර්බුදය විසඳීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල පත්රිකාවක් ඉදිරිපත් කළේ පසුගිය දෙසැම්බර් 13 වැනිදාය. එම පත්රිකාවේ සඳහන් වූයේ ෂින්ඩාවෝ ෂී වින් බයෝටෙක් සමාගම නොවැම්බර් 09 වැනි දා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම සමාගමේ නීතිඥවරුන් හා සභාපතිවරයා අතර සාකච්ඡාවක් නොවැම්බර් 02 වන දා පැවැත් වූ බවයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී සමාගමේ නීතිඥවරුන් ඉදිරිපත් කළ යෝජනා වලට කෘෂිකර්ම අමාත්යංශයේ හිටපු ලේකම් වරයා හා කෘෂිකර්ම රාජ්ය අමාත්යංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ නිරීක්ෂණ දේශීය පාර්ශ්වයෙන් නොසලකා හැර ඇති බව ද කියැවේ.

ඒ අනුව මේ වන විට රජය වෙනුවෙන් පොහොර ආනයනය කරන ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමත් කෘෂිකර්ම අමාත්යංශයත් අතර එකගඟතා සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වූ සියලු ක්රියාවලිය ගැසට්ටුවකින් රාජ්ය ඇමති ශෂීන්ද්ර රාජපක්ෂ මහතාට භාරදී ඇති බවයි.

පොහොර ආනයනයට අදාල පොහොර ලේකම් කාර්යාලය සහ ටෙන්ඩර් ක්රියාවලිය රාජ්ය අමාත්යාංශය යටතේ පවතින නමුත් අදාළ අමාත්යාංශය ඒ වෙනුවෙන් පෙනී නොසිටීම ප්රශ්නයක් බවත් අමාත්ය අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්