Jan
1

දුම්රියේ ගැටුණු මෝටර් රිය ඉන්ජිනේරුවාත් සමඟම ගිනි ගනී

 
2399 Views
   
 

පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් ඉංජිනේරුවරයා එම ස්ථානයේදීම මිය ගිය බව පෑලියගොඩ පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්රියන්ත ප්රනාන්දු (55) යන අයයි.

අනතුර සමඟ මෝටර් රථය ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි. 

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රිය වනවාසළ දුම්රිය හරස් මාර්ගයේ පසු කිරීමේදී දිප්පිටිගොඩ සිට වත්තල දෙසට දුම්රිය මාර්ගය හරහා මෝටර් රථය ධාවනය කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලීසිය කියයි. 

අනතුර වෙන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සියලුම සංඥා ක්රියාත්මක තත්වයේ තිබී ඇතැයි පොලීසිය කියයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්