Nov
5

ප‍්‍රභූ ආරක්ෂක රථයක් නැවැත්වීමට අණකරද්දී ලොරියකට යටවුණ මුන්දල ‘ට‍්‍රැපික් OIC’ මියයයි

 
6133 Views
   
 

රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පෙරේදා (03) දින සවස මරණයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම පදිංචිව සිටි තිදරු පියකු වු උප පොලිස් පරික්ෂක ඩබ්ලියු. ඩබ්ලියු. එම්. රංබංඩා මහතාය. රථවාහන ස්ථානාධිපතිවරයා ඉකුත් 1 දින සවස පුත්තලම – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රාජකාරියේයෙදී සිටිය දී ප‍්‍රභු ආරක්ෂක පහන් දල්වා ගෙන අධික වේගයෙන් පුත්තලම ප‍්‍රදේශයේ සිටි ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නැවත්වීමට මාර්ගයු හරහා මාරු වෙමින් සිටිය දී හලාවත දෙසින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් පසු නැවතීමට උත්සාහ කළ මෝටර් රථයේ ගැටී බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුරින් පසු සිරුර අභ්‍යන්තරයේ රුධිර වහනය හේතුවෙන් ඔහුව වෙනත් රෝහලකට පවා මාරු කර යැවීමට නොහැකිව තිබූ තත්ත්වයක හලාවත මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම නිලධාරියාගේ ජීවිත බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූහ. රංබංඩා මහතා වසර 32 කට ආසන්න කාලයක් දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක පොලිස් ස්ථානවල රාජකාරි කර ඇති අතර ඔහු ආණමඩුව, පල්ලම හා පුත්තලම කොට්ඨාස රථවාහන අංශයේ ද සේවයේ නියුතුව සිට ඇත. මියගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු පල්ලම පහලයාය පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිත තිබේ.

01.

02.

03.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්