Jan
20

ජනපතිගේ ප්‍රායෝගික යෝජනා

 
1972 Views
   
 

පවතින ලෝක අර්බුදය තුළ එකිනෙක රටවල ආර්ථිකය ජය ගැනීම සඳහා විවිධාකාර ආර්ථික උපායමාර්ග ක්රියාත්මක කිරීමට සිදු වී ඇත. මෙය හැඳින්විය හැක්කේ නිර්මාණාත්මක ආර්ථික විද්යාවක් හැටියටය. නිර්මාණාත්මක ආර්ථික විද්යාව ගැන අද බොහෝ දෙනා කතා කරති.

එහෙත් එය සංවාදයෙන් නොව ක්රියාවෙන් සනාථ කළ යුතු කාරණයකි. පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩයෑම සඳහා නිර්මාණාත්මක ආර්ථික විද්යාව ජනාධිපතිවරයා හොඳින් යොදා ගන්නා බව පෙනෙයි. එක අතකින් ආනයන සීමා කරන ජනාධිපතිවරයා තව අතකින් උසස් අධ්යාපනය ප්රචලිත කිරීම සඳහා වෙනදාට වඩා වැඩි ප්රතිපාදන වෙන් කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ පවතින බලශක්ති අර්බුදයට ස්ථාවර විසඳුමක් තිබිය යුතුය. රටේ බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන දහනය කිරීමට සිදුවීම අප මුහුණ දෙන බරපතළ ගැටලුවකි. තව අතකින් රථවාහන ධාවනය සඳහා විශාල ඉන්ධන තොගයක් අවශ්ය වීම තවත් ගැටලුවකි.

ආනයනය කරන තෙල්වලින් 70%ක් වාහන ධාවනය සඳහා යොදා ගනු ලැබේ. ඉන්ධන සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වන නිසා එක අතකින් ප්රවාහන ගාස්තු ඉහළ යයි. භාණ්ඩ මිල ඉහළ යයි. ජීවන වියදම ඉහළ යයි. තව අතකින් ඉන්ධන ආනයනය සඳහා විදේශ විනිමය වැඩි වශයෙන් වැය කිරීමට සිදු වෙයි. විදේශ විනිමය සංචිත පිළිබඳ බරපතළ ගැටලුවකට රට මුහුණ දී ඇත. මීට ප්රායෝගික විසඳුමක් සෙවීම අත්යවශ්ය වේ.

සූර්ය බලශක්තිය භාවිත කිරීම සඳහා රජයේ කාර්යාල යොමු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ශ්රී ලංකාව යනු හොඳින් හිරුඑළිය ලැබෙන රාජ්යයකි. අවශ්ය වන්නේ අදාළ තාක්ෂණය භාවිත කිරීම සඳහා පොදු සමාජය යොමු කිරීම පමණි. අප්රිකානු රාජ්යයන් ගණනාවක් සූර්ය බලශක්තිය සිය ප්රධාන බලශක්ති ප්රභවය බවට පත් කර ගෙන තිබේ. ඉතියෝපියාව ඉන් එක රාජ්යයකි. සූර්ය බලශක්ති උත්පාදනය අඩු පිරිවැයකින් කළ හැකි කටයුත්තකි.

හිරු එළිය ලබා ගැනීම සඳහා කිසිදු මිලක් වැය වන්නේ නැත. යම් වියදමක් කළ යුත්තේ ඊට අදාළ තාක්ෂණික මෙවලම් සඳහා පමණි. මේ ක්රමය ඉතා ඉක්මනින් ජනප්රිය කළ හැකිය. අවශ්ය වන්නේ ජනතාව ඊට යොමු කිරීම හා පහසුකම් සැපයීමය. හරිත කෘෂිකර්මය දේශපාලකයන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇතත්; දියුණු රාජ්යයන් හා පරිසර සංවිධාන එය ඇගයීමට ලක් කර ඇත. රටේ ගොවි සංවිධාන ගණනාවක් හරිත කෘෂිකර්මය සමඟ එකඟ අතර, ඔවුහු ඊට සහයෝගය දක්වමින් වැඩ කරති.

හරිත කෘෂිකර්මයේ අරමුණු ජනතාවගේ සෞඛ්ය සුරක්ෂිත කිරීම හා ලෝක වෙළෙඳපොළ තුළ අපේ ආහාර භෝගවලට ඉහළ ආකර්ෂණයක් දිනා ගැනීම බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එය ඉටුකර ගත හැකි ඉලක්කයකි. මේ මඟින් ගොවියාගේ ආර්ථිකය ද ශක්තිමත් වනු ඇත. මේ වන විට දේශීය කහ ගොවියා හොඳ ආදායමක් ලබයි. රට කහවලින් ස්වයංපෝෂිත වී ඇති අතර, කහ පිටරටින් ගෙන්වීම මුළුමනින්ම තහනම්ය. රටේ අනාගතය සැලසුම් කරමින් රාජ්ය පාලනයෙහි යෙදෙන විට ජනප්රිය නොවන තීන්දු ගැනීමට ද පාලකයන්ට සිදුවේ.

එහෙත් එම තීන්දුවල ප්රතිඵල ලැබෙන විට විරෝධතා මැකී යයි. ඊට හොඳම නිදසුන නම්, රටේ කහ ප්රශ්නය විසඳීමට ජනාධිපතිවරයා ගත් ක්රියාමාර්ගයයි. පළමුව එය දැඩි දෝෂ දර්ශනයට ලක් විය. කහ මිල ශීඝ්රයෙන් ඉහළ ගියේය. කහ හිඟයක් ද ඇති වුණේය. එහෙත් ඉතා කෙටි කාලයකින් සියල්ල යථා තත්ත්වයට පැමිණ තිබේ. අද කහ ප්රශ්නය ගැන කිසිවකු කතා කරන්නේ නැත. එලෙසම ජනාධිපතිවරයාගේ ප්රතිපත්තිය අගය කරන කෙනකු ද දැක ගත නොහැකිය. ඒ අපේ රටේ හැටි විය යුතුය. රාජ්ය පාලනයේදී අගය කිරීම ද වැදගත් ලක්ෂණයක් බව කිව යුතුය.

මෙන්න බලන්න තවත් ගොසිප්