Jun
17

උතුරු කොරියාවට ආහාර හිඟයක්

 
2107 Views
   
 

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රට ආහාර හිඟයකට මුහුණ දී සිටින බව නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ රැස්වීමක් අමතමින් කිම් මහතා කියා සිටියේ “ජනතාවගේ ආහාර තත්ත්වය දැන් නොසන්සුන් වෙමින් පවතින” බවයි.

පසුගිය වසරේ ඇති වූ සුළි සුළං හේතුවෙන් කෘෂිකාර්මික අංශය සිය ධාන්‍ය ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති අතර එයට තවත් හේතුවක් වශයෙන් එරටට බලපෑ ගංවතුර හේතු වූ බවයි කිම් පවසන්නේ.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා උතුරු කොරියාව සිය දේශසීමා වසා දමා තිබෙන අතර එහි ප්‍රතිඵලය ලෙස චීනය සමඟ වෙළඳාම බිඳ වැටි තිබෙනවා.

උතුරු කොරියාව ආහාර මෙන්ම පොහොර සහ ඉන්ධන සඳහා ද චීනය මත රඳා පැවතුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්