Dec
11

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරන්න රජයේ අවධානය – මැති ඇමතිවරු නිවාඩුවට රට යන්න සූදානමින්

 
1740 Views
   
 

අය-වැය ඡන්ද විමසීම නිමාවීමත් සමග පාර්ලිමේන්තු සැසිවාරය වාරාවසාන කර ජනවාරි මාසයේදී නව සැසිවාරයකින් පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ජනවාරි මාසයේ ජනාධිපතිවරයා තීරණය කරනු ලබන දිනයකදී නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීම සිදුවනු ඇතැයි ද දැනගන්නට තිබේ.

ඒ අනුව, මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙතෙක් සම්මත වී නොමැති පනත් කෙටුම්පත්, අණපනත්, ගැසට් රෙගුලාසි, කෝප් සහ කෝපා කමිටු මෙන් ම අනෙකුත් පාර්ලිමේන්තු කාරක සභා, උපදේශක සභා ආදිය ද මන්ත්රීවරුන් ඉදිරිපත් කළ ප්රශ්න, යෝජනා හා පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පත් සියල්ලද අහෝසි වනු ඇත.

මෙහිදී අවසන් නොවූයේ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව පමණක් වන අතර නව සැසිවාරය ඇරඹීමෙන් අනතුරුව අනෙකුත් කාරක සභා හා උපදේශක සභා සඳහා නව පත්වීම් සිදුකිරීමට නියමිත ය.

ඒ අනුව දැනට නිර්මාණය කර ඇති පරිදි මීළඟ පාර්ලිමේන්තු සභාවාරය ජනවාරි 11 වන දා ඇරඹීම සිදුනොවනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වෙයි.

අයවැය නිමාවෙන් පසු ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම රජයේ ඉහල පෙලේ නිලධාරින් විදේශගත වීම සඳහා සූදානම් වෙමින් සිටිති.

වසර අවසාන දීර්ඝ නිවාඩුව ගත කිරීම සඳහා ඔවුන් යුරෝපා, ඇමරිකා, ඕස්ට්රේලියා, නවසීලන්ත වැනි ගමනාන්තයන් තෝරාගෙන තිබේ. ඔවුන් බොහෝ දෙනෙකුගේ දුවා දරුවන් ඒවායේ ඉගෙන ගැනීම හෝ පදිංචි වී සිටීම සහ එම රටවල නිවාඩු කාලය එළඹී තිබීම ද ඊට හේතුවක් වී තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්