Mar
8

” ඒක පටන් ගන්නකොට මට වයස දාහතරයි, ගෙදරට අහුවෙලා අම්මගෙන් ඇතිවෙන්න බැනුම් ඇහුවා” හර්ෂි රසාංගා

 
1116 Views
   
 

ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් යොවුන් රංගන ශිල්පිනියන් අතර සිටින වර්තමානයේ ලාංකිකයන්ගේ ඉහළ ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. කුඩා කාලයේදීම මෙරට ජනතාවගේ ආදරය සහ ආකර්ෂණය හිමිකර ගත් ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ වෙළඳ දැන්වීම හරහා සහ ළමා චරිත ඔස්සේයි

ඒ විදිහට කලාවට පිවිසෙන ඇය මේවෙනකොට රටම ආදරය කරන රංගන ශිල්පිනියක් බවට පත්වෙලා තිබෙනවා. ඉතින් ඇය කලා ක්ෂේත්‍රයට එක්වෙන ආකාරය පිළිබඳ කියනවානම් රසාංගා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ ඇය හය වසරේ ඉගෙනුම ලබන කාලයේදී යි. ඒ රවින්ද්‍ර විජේරත්න මහතා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍යය ඔස්සේයි. කොහොම නමුත් මෙම ටෙලි නිර්මාණය හරහා ඇයට රංගන ශිල්පිනියක ලෙස ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගැනීමට හැකියාව ලැබෙනවා

කෙසේවෙතත් ළමා රංගන ශිල්පිනියක ලෙස හැමෝගෙම ආදරේ දිනාගත් ඇය මේවෙද්දී පුංචි තිරයේ පෙම්වතියේගේ චරිතය දක්වා දුර ඇවිත් තිබෙනවා. ඒ කොහොම වෙතත් ඇයව අපට මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන ” ලංවී ” හරහා දැකගන්නට ලැබෙනවා. ඉතින් මේ විදිහට වර්තමානය වනවිට මෙරට ජනප්‍රිය ඇය සිය ජනප්‍රියත්වය පිළිබඳ කියන්නේ මෙහෙම කතාවකුයි

” පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. බොහෝ අයට ජනප්‍රිය වෙන්න කාලයක් ගියාට මට වාසනාවකට වගේ බොහෝ දෙනාගේ ආදරය ලැබුණා පුංචි කාලෙදීම. අදටත් සුජාතා නාට්‍යයේ හිටපු පුංචි රංගන ශිල්පිනිය විදිහට මාව හඳුනගන්න බොහෝ පිරිසක් ඉන්නවා. අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුළත මේ වගේ තැනකට එන්න ලැබීම ඇත්තටම සතුටක්. මම පසු ගිය දවස්වල හදවතේ කතාවේ තත්සරණි චරිතයට පන පෙව්වා. ඒ වගේම තාදි ටෙලි නාට්‍යයේ සමන්ති කියන චරිතවලින් තමයි ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නේ.ඒ තම මන් පෙම්වතියගේ චරිතය රඟපාපු පලවෙනි නාට්‍යය ”

මේ විදිහට අදහස් දක්වපු ඇය කියන්නේ ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා තමයි නමුත් පෞද්ගලිකත්වයට මම ගොඩක් කැමැතියි කියලයි. මොකද ගොඩක් අය මට බනිනවා ලජ්ජාහ නැද්ද පොඩි වයසෙන්ම ඔය වගේ දේවල් කරන්න කියලා කියන ඇය කියන්නේ ප්‍රේක්ෂකයන් මගේ පෞද්ගලිකත්වය සහ මන් කරන චරිත පටලවාගෙන මඩගහන අවස්ථා ඕන තරම් තියනවා කියලයි

ඒ වගේම හැමෝම හිතනවා මට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා කියල කියන ඇය කියන්නේ විශේෂයෙන්ම කියන්න ඕනි මම පෙම්වතියක් නෙවෙයි කියල කියලයි. ඉදිරියේදී මන් ඒ ගැන කියන්නම් කියන ඇය කියන්නේ පසුගිය කාලේ මගේ නමින් ෆේක් ප්‍රොෆයිල් හදපු අවස්ථාවල මට රංගනයෙන් අයින් වෙන්න හිතුණ අවස්ථා තිබ්බා කියලයි. හැබැයි දැන් මට දැනෙනවා අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ

කෙසේවෙතත් මේ ආකාරයට අදහස් දක්වපු ඇය ආදරය පිළිබඳවත් අදහස් දක්වමින් කියල තිබුනේ මෙහෙම කතාවක් ” මගේ පළවෙනි ආදර සම්බන්දය අදටත් අමතක වෙන්නේ නැහැ. ඒක පටන් ගන්නකොට මට වයස දාහතරයි ඒක ගෙදරට අහුවෙලා අම්මගෙන් ඇතිවෙන්න බැනුම් ඇහුවා. ඒකාලේ නොදැනුවත් කමට වෙන දේවල් ගැන දැන්නම් පසුතැවෙනවා. දැන්නම් ගොඩක් දේවල් ගැන තේරුමක් තියන නිසා හොඳට හිතලා බලලා තමයි වැඩ කරන්නේ. විවහා වෙන්න ඉක්මන් වෙන්නෙත් නැහැ

මගේ හොඳම යාලුවා තමයි කවිඳු අයියා.කවිඳු අයියා ගැන සහ මන් ගැනත් එක එක විදියේ කතා හදලා තිබුනා. අපි දෙන්නා ආදරේ කරනවා කියලා සමහර අය පොස්ට් ශෙයා කරලත් තිබුනා. අපි දෙන්නාගේ අතර එහෙම ආදරයක් නම් නැහැ හොඳම යාළුවො දෙන්නෙක් විදියට ආශ්‍රය කරනවා.” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්