Mar
6

මම ගොඩක් සරළව අඳින්න කැමති කෙනෙක්

 
703 Views
   
I-like-to-dress-very-simply  

දක්ෂ නර්තන ශිල්පිනියක් වන අයේෂා මධුෂානි වර්තමානයේ බොහෝ පිරිසක් දකින්නේ රංගන ශිල්පිණියක් විදිහටය. මෑතකදි විවාහ දිවියටද එළැඹි අයේෂාගෙන් අපි මෙවර විමසන්නේ පෞද්ගලික හෝ කලා තොරතුරු නොවේ. ඇය වඩාත් ප්‍රිය කරන විලාසිතා පිළිබඳව තොරතුරුයි.

විලසිතාවලට ඔබේ තියෙන කැමැත්ත මෙන වගේද?

විලාසිතාවලට ඕනෑම කෙනෙක් කැමැතියි. හැබැයි මගේ විලාසිතා අනිත් අයට වඩා ගොඩක් වෙනස්. මොකද, මම ගොඩක් සරළව අඳින්න කැමති කෙනෙක්. ඒ වගේම තමයි කාලෙන් කාලේට එන හැම විලසිතාවක්ම මම භාරගෙන කරන කෙනෙක් නෙමෙයි. රංගන ශිල්පිනියක් විදිහට මට ගැළපෙනවා කියලා හිතන විලාසිතා පමණක් මම තෝරගෙන කරනවා.

විලාසිතාවලට ඔබ දරණ වියදම කොහොමද?

මෙහෙම දෙයක් තියෙනවා. මට ගොඩක් අමාරුයි ගැළපෙන ඇඳුමක් තෝරගන්න. මට ගැළපෙන ඇඳුමක් ගන්න අඩුම තරමේ මම කඩවල් දහයකට විතර යනවා. අන්න ඒ අවස්ථාවලදි මට ගැළපෙනවා කියලා හිතෙන ඇඳුම රුපියල් දහදහක් වුණත් දීලා මම මිළඳි ගන්නවා. ඒ ඇරෙන්න මට මාසේකට මෙච්චර මුදලක් විලාසිතා වලට වියදම් කරනවා කියලා හරියටම කියන්න බැහැ.

ගන්න ඇඳුම කොපමණ කල් පාවිච්චි කරනවාද?

ඒක නම් හොඳ ප්‍රශ්නයක්. ඇත්තම කියනවා නම් මට ඇඳුමක් දෙතුන් වතාවකට වඩා ඇන්දට පස්සේ ඒක ඇති කියලා හිතෙනවා. හැබැයි මගේ ඇගට දාල ඒක හරියටම මට ගැළපෙනවා නම් මම ඒ ඇදුම එපා වෙනකම්ම අඳිනවා.

ඇදුමක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද?

හැබැයි දැන් කාලේ නම් ඇඳුමේ ලස්සනට වඩා බලන්නේ වටිනාකම තමයි. ආර්ථික අතින් ඉතින් අපි විතරක් නෙමෙයි හැමෝම අද වෙන කොට දුර්වලයි. ඒ හින්දා ලස්සනටත් වඩා අද නම් මම මුලින්ම බලන්නේ ඒ ඇඳුමට හරි විලාසිතාවට හරි වියදම් වන මුදල කියද කියලා තමයි.

හැමදාම ඇදුම්, පැළඳුම් මිළඳි ගන්නේ එකම තැනින්ද?

එහෙම නැහැ. එකම තැනක් කියලා නැහැ මට ඇඳුම් ගන්න. මට හරියන ඇඳුමක් පමුණුවේ හරි පිටකොටුවේ හරි තිබ්බත් මම ගිහින් ගන්නවා. මම බලන්නේ ඒ ඇඳුම මට හරියනවාද කියලා විතරයි.

යාළුවෝ එක්ක ගන්න ඇදුම් ගැන කතා කරනවාද?

එහෙම ලොකුවට කතා කරන්නේ නැහැ. ඒත්, මැතකදී ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙන කොට මොකක්ද අඳින්නේ කියලා තිරණය කරගන්න බැරිව ඉන්න කොට යාළුවෝ මැදිහත් වෙලා තමයි හොඳ ඇඳුමක් තෝරගෙන ඇඳගෙන ගියේ. එහෙම අවස්ථාවලදී යාළුවොන්ගෙන් මම උදව් ඉල්ලනවා ඇදුමක් තෝරගන්න.

අඳින්න වඩාත් ආස ඇඳුම මොකක්ද?

ටී ෂර්ට් එකට ඩෙනිම් කලිසම. බාටා සෙරෙප්පු දෙකක් වගේ ඒ ඇඳුමටම දාන්න පුළුවන් නම් මම තවත් ආසයි.

බුද්ධික සේනාධීර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්