Mar
4

අලුත උපන් පුංචි දෝනීවත් එකතු කරගෙන පන්සල් ගිය ජනප්‍රිය ගායක සුරේන්ද්‍ර පෙරේරා සමාජ ජාලා මාධ්‍යට එක්කළ ආදරණීය ජායාරූපය පෙළක්

 
2849 Views
   
 

සිරස සුපර්ස්ටාර් තරගාවලියෙන් බිහිවුණු මෙරට ගායන ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය වගේම කඩවසම් ගායකයෙකු තමයි සුරේන්ද්‍ර පෙරේරා කියල කියන්නේ. ඇත්තෙන්ම මියුරු කටහඩකට හිමිකම් කියන ඔහුට පසුකාලීනව මෙරට ජනයාගෙන් හිමිවන්නේ ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක්. ඒ බව නොරහසක්. කොහොම නමුත් කලකට ඉහතදී අපේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් හිටපු ප්‍රවීණ ගායන ශිල්පී ජෝතිපාල මහතාගේ කටහඬට බොහෝ සෙයින් හැඩහුරුකම් කියන කටහඬක් හිමි ලයාන්විත ගායන ශිල්පියෙකු හැටියට අපට ඔහුව හදුන්වන්න පුලුවන්

කෙසේවෙතත් නිරන්තරයෙන් ප්‍රවීණ ගායන ශිල්පී ජෝතිපාල මහතාගේ ගීත ගායනා කරමින් මෙරට ඉතාමත් ජනප්‍රියත්වයට පත් ඔහු අද වන විට සිය ජීවිතයේ සාර්ථක ගමනකට පියවර තබමින් සිටිනවා. කොහොම නමුත් මෙරට තරුණ පරම්පරාව නියෝජනය කරන ගායකයෙකු වන ඔහු පහුගිය දවසක ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමකට සුන්දර ජායාරූප පෙළක් එක්කර තිබුණා. එලෙස එක් කළ ජායාරූපත් සමගින් සටහනකුත් එක් කිරීමටයි කටයුතු කර සිටියේ. ඉතින් ඔහු කියල තිබුනේ “අද අපි චූටි මැණික එක්ක පන්සලේ” කියලයි

කොහොම නමුත් සුරේන්ද්‍ර කියල කියන්නේ සමාජ මාධ්‍යට නිරන්තරයෙන් ඡායාරූප එක් කරමින් ඔහුගේ ජීවිතයේ සොඳුරු ඉසව් ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් සමඟ බෙදා හදා ගන්නා චරිතයක්. කෙසේවෙතත් මීට වසර කිහිපයකට පෙරදී විවාහවෙන ඔහු මේවෙද්දී ආදරණීය සැමියෙකු වගේම පියෙකු වනවා. ඇත්තෙන්ම ඔවුන් ඉතාමත් සුන්දර ජීවිතයක් ඔවුන් ගත කරනුයේ

ඒ කොහොම උනත් ඔහු සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විවාහය, උපන්දින වගේම ආදරණීය දියණියගේ ඉපදීමත් ඔහුට ආදරය කරන අය සමග බෙදා හදා ගන්නටයි කටයුතු කර තිබුනේ. මේ අතර ඔවුන්ගේ පුංචි දියණියත් එකතු කරගෙන පන්සල් ගිහින් තිබෙන ආකාරය ඇතුළත් ජායාරූප පෙළක් තමයි ඔහු එලෙස සිය සමාජ ජාලා මාධ්‍යට එක්කර තිබුනේ. ඉතින් අපිත් මේ ආදරණීය කලා කරුවාට ඔහුගේ ජීවිතයේ ඉදිරි කරුණු කාරණා ඔහු බලාපොරොත්තු වන විදියටම ඉෂ්ට සිද්ධ කර ගන්නට ආදරෙන් සුබපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්