Feb
13

මම උපයන මුදල්වලින් 60%ක්ම සමාජ සේවා කටයුතු සඳහා යොදවනවා

 
658 Views
   
I-spend-60%-of-my-earnings-on-social-work  

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ. ඉතින් ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ පොදූ සීසන් 2 හි ඇය රංගනයෙන් දායක වන දුෂීගේ චරිතය නිසයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය රඟපාපු අනෙක් චරිතවලට වඩා මේ චරිතය ටිකක් වෙනස් චරිතයක් කියලයි ඇය පවසන්නේ. ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය තමයි ඇයට මේ සඳහා ආරාධනා කරන්නේ. මේක ටිකක් වෙනස් වැඩක් නිසා ආසාවෙන් භාරගත්තා කියලත් ඇය පවසනවා.

ඉතින් මේ චරිතයේ දුෂී කියන්නේ ඇමැති කෙනෙකුගේ දුවෙක්. එයා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. එයා කෙලින් කතා කරන, සමාජයේ ගොඩක් දේවල් වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක් කියලයි ඇය පවසන්නේ. දුෂීට මුණගැහෙන පුද්ගලයකු නිසා ඇගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවාලු. මේ ටෙලිනාට්‍ය තුළ ඇය තුන් ආකාරයකට වෙනස් වෙනවා කියලත් ඇය පවසනවා. මේ කතාව තුන්කොන් ආදර කතාවක්ලු. දුෂී කියන්නේ එහි එක් කෝණයක් කියලයි ඇය නම් කියන්නේ.

ඉතින් මේ ටෙලිනාට්‍යයට දැනට ලැබෙන ප්‍රතිචාර අනුව සීසන් 2ත් ගොඩක් ජනප්‍රිය වේවි කියල ඇය හිතනවාලු. සීසන් 1 එකේ රන්දික සහ ළහිරුණි එක් වෙලා ආදි, නිලූ කියන චරිත දෙක හරි ලස්සනට ගොඩනැඟුවානේ. පොදු සීසන් 2 වෙනස්ම ආකාරයකට නිර්මාණය කරන්න එහි අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා මහත්මිය උත්සාහ කළා කියලයි ඇය කියන්නේ. කලණ ගුණසේකර, ඓශ්වර්යා, රන්දික, ළහිරුණි සහ ඇය තමයි මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත කරන්නේ. ඒ වගේම පොදු සීසන් 1 හා සම්බන්ධ කතාවක්ලු මෙහි තියෙන්නේ.

ඉතින් ඒ වගේම ඇය වැඩිපුරම රංගනයෙන් දායක වුනේ ගැමි චරිත, අහිංසක චරිත, නිහඬ චරිත වලටනේ. නමුත් මේ ටෙලිනාට්‍යයේ ඇයගේ චරිතය, හැසිරීම, කතා විලාසය සම්පූර්ණයෙන් වෙනස් කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ඇය පලවෙනි පාරටලු කළණ එක්ක වැඩ කරන්නේ. ඔහු කළින් රඟපාපු හැම එකක්ම වගේ හොඳට මතක හිටින චරිත කියලත් ඇය පවසනවා. ඒ හැම චරිතයකටම වඩා මේ චරිතය සම්පූර්ණයෙන් වෙනස්ලු. ඉතින් ඒ වගේම ඇය උපයන මුදල්වලින් 60%ක්ම ඇය සමාජ සේවා කටයුතු සඳහා යොදනවා කියලත් ඇය පවසනවා. ඒ වගේම ඇය දැනට වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ආරම්භ කරලා තියෙනවාලු. එය නඩත්තු කරන්නේත් ඇයගේ මුදල්වලින්ලු.

ඉතින් ඒ වගේම රංගනයෙන් ඇයට මුලින්ම සම්මාන ලැබුණේ 2019 රයිගම් ටෙලි සම්මාන උලළෙන් කියලයි ඇය පවසන්නේ. එහි හොඳම නැඟී එන නිළියගේ සම්මානය සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ ඇය රඟපාපු අයෝමාගේ චරිතයට ලැබුණාලු. ඉන්පසුව ඒ ටෙලිනාට්‍යයටම සුමති සම්මාන උලෙළේ සහ රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නැඟී එන නිළියට සම්මාන ලැබුණා කියලත් ඇය පවසනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්