Nov
28

පොහොට්ටුවේ සහ අතේ දීගය ඉවරයි – මෛත්‍රීගේ නිවසේදී සාකච්ඡාවකුත්

 
2359 Views
   
 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මෙ වන විට උග්රවී ඇති අතර ,ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්රීලනිපය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

පුරප්පාඩු වී ඇති ආසන සංවිධායකයන් සහ දිස්ත්රික් සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සතිය පුරා ඒ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවති බවද වාර්තා වේ

ආණ්ඩුව තම පක්ෂය නොසලකා හරිමින් කටයුතු කරන බවට එම පක්ෂයේ බොහෝ දෙනෙකු පසුගිය කාලය පුරා චෝදනා කළ අතර, මේ හේතුවෙන් පළාත් පාලන ආයතන වල අයවැය ඡන්ද විමසීම් වල දී තමන්ට කැමති තීන්දුවක් ගන්නැයි පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ,ඇමැති මහින්ද අමරවීර මහතා පක්ෂයේ පළාත් පාලන මන්ත්රීවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය

මේ අතර ,පක්ෂයේ සභාපති මෛත්රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් මඩ ප්රහාර ගෙනයන බවට පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ප්රබලයකු වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ඇති ඇතිවූ මත ගැටුම පක්ෂ දෙක අතර පවතින දේශපාලන විරසකයෙ උච්චතම අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

මේ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයට සහ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේ දී එල්ල කළ චෝදනා වලට ගත යුතු ක්රියාමාර්ග සම්බන්ධව ඉදිරි සතියේ පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ මන්ත්රීවරයෙක් පැවසීය. 

මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී පැවැත්වීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.

ආණ්ඩු පාර්ශවයේ කිසිවකු ඉවත් වන්නේ නම් ඒ සඳහා ඔවුන්ට කිසිදු බාධාවක් නැති බව අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. 

ආණ්ඩුවෙන් කිසිවකු ඉවත් වන්නේ නම් එම අඩුව පිරවීමට විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය. 

වත්මන් ආණ්ඩුවේ 2/3 බලය අහිමි නොවනු ඇති බවත් අඩුපාඩුව පුරවා ගන්නා ආකාරය දන්නා බවත් ඒ මහතා සඳහන් කළේය. කොළඹදී මාධ්ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්