Aug
10

කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ නිරෝධායනයට පියවර

 
708 Views
   
 

බස්නාහිර පළාත තුළ පමණක් මෙතෙක් ක්‍රියාත්මක වූ සංකූලතා නො මැ ති කොරෝනා රෝගීන් නිවෙස් තුල සිටියදීම වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩසටහන 2021/08/09 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආ සා දි ත යි න් ඉහළ යාම හමුවේ රෝහල් ආශ්‍රිතව සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයන් ද දැඩි අ ප හ සු තාවයට පත්ව තිබෙන බැවින් නිවෙස් ආශ්‍රිත නිරෝධායන සහ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයන් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව රෝග ලක්ෂණ නො පෙ න් ව න සහ බ ර පතළ නො ව න රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආ සා දි ත යින් මෙලෙස නිවෙස් තුළම නිරෝධායනයට පියවර ගෙන ඇත.
ඒ අනුව එය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි.

1. ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය විසින් කොවිඩ් ආ සා දි ත යින් බවට පත්වන පුද්ගලයන් ඇසුරින් රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් වෙන් කිරීම කළ යුතුය .

2. නිවෙස්ගතව ප්‍රතිකාර ලබාදීමට සුදුසු කම් ලබන කොවිඩ් ආ සා දි ත යි න් : වයස අවුරුදු 02 – 65 ත් අතර විය යුතුය. ආ සා දි ත පුද්ගලයාට හොඳ වාතාශ්‍රිත කාමරයක හුදෙකලා වියයුතු අතර වෙන් වූ වැසිකිළි පහසුකම් සහිත විය යුතුය. අධික තරබාරුව ,දියවැඩියාව ,අධිරුධිර පීඩනය ඇතුළුව හෘද ,පෙනහළු ,වකුගඩු ආදී නිධන්ගත රෝග වලින් නො පෙ ළෙ න අය විය යුතුය .නිවසේදී ස්වයං රැකවරණයක් හා ආධාරකයක් ලැබිය යුතුය.

නිසි සන්නිවේදන පහසුකම් සහ ආසාදිතයා සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත හෝ දීර්ඝ කාලීනව ප්‍රතිශක්තිකරණ ඖෂධ වලින් යැපෙන්නන් නො වි ය යුතුය .

03. ප්‍රදේශය භාර සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය විසින් නිවෙස්ගතව නිරෝධායනයට සුදුසු පුද්ගලයන් ලියාපදිංචි කළ යුතුය . එලෙස ලියාපදිංචි කළ ආසාදිතයින් සම්බන්ධයෙන් වන වගකීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය විසින් අදාල නිරෝධායන සහ කළමනාකරණය සම්බන්ධයෙන් වන කණ්ඩායමට සහ එහි දුරකථන මධ්‍යස්ථාන වෙත භාර දෙනු ලබයි.

දිනපතා දුරකථන ඔස්සේ ලබාගන්නා තොරතුරු අනුව දිනපතා පටිගත වන අතර අසාධ්‍ය යැයි හැගෙන රෝගීන්ව වහාම රෝහල් ගත කිරීමට පියවර ගනු ඇත. නිවෙස්ගතව නිරෝධායනයට ලක්වූ පුද්ගලයන් දින 14ක් යන විට නිදහස් කරන අතර එම කාලසීමාවේද රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් ඒවාද් පහව යනතුරු නිරීක්ෂණය කෙරෙනු ඇත. අදාල නිවෙස් වලින් බැ හැ ර කෙරෙන අ ප ද්‍රව්‍ය වල වගකීම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැවරී ඇත.

නිවෙස්ගතව නිරෝධායනයට සහ ප්‍රතිකාර ලබාදීමේදී සෞඛ්‍ය නීති උ ල් ලං ඝ න ය කලහොත් එම පුද්ගලයන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන අතර නී ති ම ය ක්‍රියාමාර්ග ගනු ඇත.

නිවෙස්ගතව රෝගී ප්‍රතිකාර ලබාදීමේ ද එම ආ සා දි ත යා ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හදුනාගන්නා පවුලේ සාමාජිකයන් ද දින 14ක් කාලයක් නිරෝධායනය වීම සහ අවසානයේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂකයන් සිදුකිරීම අනිවාර්ය වේ.

මේ අනුව ඉහත සියලු කරුණු අවධාරණයට ගෙන සියලු පුද්ගලයන් තම සෞඛ්‍ය පුරුදු මැනවින් රකිමින් නිවස සහ රටද කොවිඩ් මා ර යා ගෙ න් ගලවා ගැනීමට උපරිමයෙන් සහයෝගය දෙමු. එවිට කොවිඩ් නැති රටක් ඉක්මනින් උදාවේවි.
රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්