Jun
26

අසේල සම්පත්ට අධිකරණයෙන් තරයේ අවවාද

 
1365 Views
   
 

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාට තරයේ අවවාද කොට ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අ ධිකරණය නියම කර තිබේ.

මින් ඉදිරියට වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීමෙන් ව’ළකින ලෙස සැක කරුට තරයේ අවවාද කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබුණි.

අසේල සම්පත් මහතාව අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රියේ අත් අඩංගුවට ගත්තේය. අ ධිකරණයේදී අනාවරණය වූයේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජිත කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් සැක කරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අ’සත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව එම අත් අඩංගුවට ගැනීම සිදුකළ බවය.

source – adaderana

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්