Oct
31

මහජන බැංකුවට මොකද වුනේ……

 
547 Views
   
 

මහජන බැංකුව අසාදු ලේඛණ ගත කල බව ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාඩුවේ තානාපති කාර්‍යාලයේ ආර්ථික සහ වාණිජ අංශය දැනුම්දෙනු ලැබීය. ගිවිසුම් කඩකරමින් ණයවර ලිපියකට අදාලව ගෙවිම් සිදු නොකිරීම හේතුවෙන් මෙලෙස මහජන බැංකුව අසාදු ලේඛණ ගත කර ඇත. එම ණයවර ලිපියට අදාළ අධිකරණ නියෝගය ඉවත් කළ පසු සාමාන්‍ය පරිදි අදාල ගෙවීම්සිදු කිරීමට කටයුතු කර ඇති බව මහජන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්‍යාලය දැනුවත් කර ඇත.

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට ගෙන ඒමට කටයුතු කල චීන සමාගමට අධිකරණ නියෝග යටතේ ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලයේ ආර්ථික සහ වාණිජ දෙපාර්තමේන්තුව මගින් මහජන බැංකුව අසාදු ලේඛණ ගත කර ඇත. අදාල පොහොර තොගයට සම්භන්ධ චීන සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි යටතේ මහජන බැංකුවට කිසිදු ගෙවීමක් කළ නොහැකි ලෙස පසුගිය දා කොළඹ වාණිජ මහාධිකරණ විසින් වාරණ නියෝගයක් නිකුත් කරණ ලදී. ඒ හේතුවෙන් අදාල චීන සමාගමට අදාළ ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාමේ නිරත චීන ව්‍යාපාරයකට විශාල පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බව චීන තානාපති කාර්‍යාලය වැඩිදුරටත් පැවසීය.

අවදානම් පාලන පියවරක් ලෙස ශ්‍රී ලංකාව සිදු කරන ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු වලදී මහජන බැංකුව නිකුත් කරන ණයවර ලිපිභාර නොගන්නා ලෙස සියලුම චීන ව්‍යවසායකයින් දැනුවත් කරන බව චීන තානාපති කාර්‍යාලය දන්වා සිටී.
ඊට ප්‍රතිචාර දැක්වූ මහජන බැංකුව ප්‍රකාශ කර ඇත්තේ , ඉහත ගණුදෙනු වලට අදාලව ණයවර ලිපිය ක්‍රියාත්මක කිරීම සම්භන්ධයෙන් දැනට නිකුත් කර ඇති අධිකරණ නියෝගයක් බලපවත්වන බවයි. අදාළ අධිකරණ නියෝගය ඉවත් කල පසු සාමාන්‍ය පරිදි මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව මහජන බැංකුව පවසයි .
බොහෝ ජනතාව මේ වනවිට මේ පිළිබඳ සාවද්‍ය තොරතුරු මත කළබලයට පතවී ඇති අතර එය අනවශ්‍ය දෙයක් බව දැනුම් දිය යුතුය . මන්ද තම ස්ථාවර මුදල් තැම්පත් සහ ඉතිරි කිරීමේ ගිණුම් වැනි දෑ අක්‍රිය වේ යැයි සාමාන්‍ය ජනයා සැක සහිත ප්‍රශ්ණ රැසක පැටලී ඇත.නමුත් ඒ සියල්ල අසත්‍ය මත බවත් මෙය එක් රටක් සමග පමණක් සිදුවූ ණයවර ලිපි ගණුදෙනුවකට අදාළ දෙයක් පමණක් බවත් අවධාරණය කර සිටිමු. (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්