Jun
17

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

 
1168 Views
   
 

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල දෛනික ආසාදිතයන් ඊයේ දිනයේ 500 ඉක්මවා වාර්තාවී තිබෙනවා.

හඳුනාගත් නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 561 ක්.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 516 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම රත්නපුර, කළුතර, කුරුණෑගල, යාපනය, පුත්තලම සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයන් 100 ඉක්මවා වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්