Aug
17

විවාහ මංගල උත්වස තහනම් වූවත්, විවාහ ගිවිසගන්න පුළුවන්

 
905 Views
   
 

මුළු දිවයිනටම බ ල පැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රී 10ට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නී ති ය අද අළුයම 4ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් අද රාත්‍රී 10ට යළි නිරෝධායන ඇඳිරි නී ති ය පැනවෙන අතර එය පසුදා අළුයම 4ට යළි ඉවත් කෙරෙනවා. මෙලෙස නැ ව ත දැනුම් දෙනතුරු පැය 6ක කාලයක් සඳහා නිරෝධායන ඇඳිරි නී ති ය ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්වීම ද අද සිට තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත්, මනාල යුවළ, ඔවුන්ගේ දෙමව්පියන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහභාගි කර ගනිමින් විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදුකිරීමේ හැකියාව පවතින බවයි රජය නිවේදනය කළේ.

එමෙන්ම බෙලිඅත්ත සහ තංගල්ල නගරවල වෙළදසැල් ද අද සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම හෙට සිට ඇඹිලිපිටිය, අම්පාර සහ බදුල්ල යන නගරවල පිහිටි වෙළදසැල් වසා දැමීමටයි වෙළද සංගම් තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, කොරෝනා ව්‍යාප්තිය හමුවේ බදුල්ල, බණ්ඩාරවෙල, අම්බලන්තොට, බෙලිඅත්ත, තංගල්ල, ඇඹිලිපිටිය, අම්පාර යන නගරවල ද වෙළදසැල් වසා දැමීමට පසුගිය දා කටයුතු කෙරුණා.

Source – Hiru News

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්