Aug
14

තවත් කො විඩ් ම ර ණ 160ක් මෙරටින් වාර්තාවෙයි, පිරිමි පුද්ගලයින් 87ක් සහ කාන්තාවන් 73ක් ඒ අතර

 
1255 Views
   
 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා වෛස් ආ සාදිත තවත් ම ර ණ 160ක් ඊයේ (13) දින තහවුරු කර තිබෙනවා.

ඒ අතර පිරිමි පුද්ගලයන් 87ක් සහ කාන්තාවන් 73ක් වනවා. ඒ අනුව මෙරට සමස්ත ම රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,935ක් ලෙසටයි. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක්ද ඊයේ තහවුරු කළ ම ර ණ 160ට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 22ක් සහ කාන්තාවන් 13ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ ම ර ණ අතර වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 64ක් සහ කාන්තාවන් 60ක් ද මෙම ම ර ණ ව ල ට අයත්. මේ අතර, මෙරටින් අද දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2423 දෙනෙකු හඳුනා ගත්තා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 350693ක් ලෙසටයි. මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2717 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේවන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 307345ක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්