Jan
25

අජිත් මුතුකුමාරණ තාඹුගලගේ රෙදි ගලවයි |

 
383 Views
   
 

‘දොස්තර විරංජිත් තාඹුගල’ විසින් ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 21ක්, අතිවිශාල මුදලකට ‘මිලයට ගැනීම’ පසුගිය සමයේ සංගීත ක්ෂේත්‍රයේ මතභේදයට ලක්වුණා ඔබටත් අමතක නැතුව ඇති.

 

එවන් තත්ත්වයක් තුළ සංගීත කණ්ඩායම් කිහිපයක්, ‘ගෙවීම් කටයුතු’ නිසි ආකාරයෙන් සිදු නොවන බැව් කියමින් ‘අවුරා ලංකා’ ගිවිසුමෙන් ඉවත්වීමට ද කටයුතු කර තිබුණා. (මේ ගැන සමාජ මාධ්‍ය තුළත් ලොකු කතාබහක් ඇතිවුණා….)

 

‘අවුරා ලංකා’ හා ගිවිසුම් ගත වූ ‘සකුරා රේන්ජ්’ සංගීත කණ්ඩායමේ නායක ‘අජිත් මුතුකුමාරණ’ අවස්ථා කිහිපයකදී ම ‘අවුරා ලංකා’ වෙනුවෙන් ‘දරදිය අදින්නට’ කටයුතු කර තිබුණා.

 

‘අවුරා ලංකා’ වෙත එදිරි ප්‍රකාශවලට පවා ඔහු සිය ‘මුහුණු පොත’ හරහා දරුණු ප්‍රතිචාර දක්වා ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

 

‘දෙපාර්ශවයේ ම කැමැත්ත මත මේ ගිවිසුම ගැහුවේ… මම කියන් නෑ ගැහුව ෂෝ ඔක්කොම සක්සස් කියලා. මේක තාම අපි අත්හදා බැලීම් කරමින් යන ගමනක්… කෑම එක බලාගෙනම මේ වැඩේ කළා නෙවෙයි. මේ වැඩේට අකුල් හෙළනව නම් මොකද්ද පදනම? මම මගේ බෑන්ඩ් එකේ කවුරුවත් අනාථ කරන්නෙ නෑ…..’

 

කෙසේ වෙතත්, මේ වන විට ‘අජිත් මුතුකුමාරණ’ හා ‘අවුරා ලංකා’ විරසක වී ඇති බවත්, ‘සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම’ දෙකඩ වීමට ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

 

මේ බැව් තහවුරු කරමින් මීට පැය කිහිපයකට පෙර ‘අජිත්’ සිය මුහුණු පොතේ පළකිරීමක් කර තිබුණා.

 

‘සකුරා රේන්ජ් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා ඇත!!’

 

එම සටහනේ ම තැනක ‘ඡායාරූපය’ මත ඔහු ‘වදන් කිහිපයක්’ද අමුණා තිබුණා.

 

‘ඉන්නකන් හොඳ අහන, ගියාම බැනුම් අහන, බෑන්ඩ් ගැහිල්ල… !’

 

‘තාඹුගල’ නම් වූ ‘විස්මකර්ම වෛද්‍යතුමන්’ ගැන මින් ඉහත ද ‘මොනරා’ හරහා අප ඔබ දැනුම්වත් කළා.

 

‘වෛද්‍යවරයෙකු’ ලෙස පෙනී සිටින ඔහු, මෙරට සංගීතයේ ‘පෙරළියක්’ කරන්නට ‘අර අඳිමින්’ බොහෝ ශීල්පින් සිය ‘අණසකට’ යටත් කොටගෙන තිබුණා. (එසේ නමුත් ඒ බොහෝ සංගීත ශිල්පින් දැනටම ‘අවුරා ලංකා’ හැර ගිහින්…)

 

‘තාඹුගල’ නම් වූ මොහු පසුගිය දිනෙක ‘අනුරාධපුර බන්ධනාගාරයට’ පුද්ගලික ‘හෙලිකොප්ටර්’ යානයකින් පැමිණි බවට ද තොරතුරු වාර්තා වුණා.

 

සමාජ ක්‍රියකාරි ‘දුලාන් සේනාධීර’ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ මෙසේ පැමිණි ‘තාඹුගල’, මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ ‘සැකකරුවන්’ කිහිප දෙනෙකු හමුවී ‘සතුටු සාමිචීයේ’ යෙදී ඇති බවයි‍.

 

‘ප්‍රසංග නතර කළාම මට වස් වදිනවා, ඉක්මණට පටන් ගන්න!’ යනුවෙන් ‘තාඹුගල’ සිය සේවකයින්ට ‘බලපෑම්’ කරනු බැව් කියමින් ද විවිධ වෙබ් අඩවි හරහා ‘පුවත්’ හුවමාරු වුණා.

 

සේනාධීර මින් ඉහතද චෝදනා නඟමින් සඳහන් කළේ ‘තාඹුගල’ මෙම ප්‍රසංග වලට මුවා වෙමින් ‘නිදන් වස්තු සොරකමේ’ යෙදෙමින් සිටින බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්