Oct
20

කොරෝනා තවමත් නිදැල්ලේ සංචාරය ඇතුළු සියලුම දේ පරිස්සමින්

 
839 Views
   
 

“ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත” මෙය ලොව පුරා බහුතරයක් දෙනා අදටත් විශ්වාස කරන දෙයක්. එහෙත් වර්තමානයේ දී සිදු වෙමින් පවතින්නේ මීට වඩා වෙනස් දෙයක් කිව්වොත් නිවැරදියි. ඒ මොකද කිව්වොත් අද වන විට වසර දෙකකට ආසන්න කාලයක ඉදන් මුළු ලෝකෙම මිනිස්සු එක දිගටම වගේ කතා කරන මාතෘකාවක් අපිට ඉතුරුවෙලා තියෙන නිසා. මෙතෙක් කාලයකට අක්ෂාංශ, දේශාංශය බලපෑමකින් තොරවම මොනයම් කරුණක් සම්බන්ධව අපි කතාබහ කරල තියෙනව නම් ඒක විරලයි.එහෙත් කොවිඩ් වසංගතය අපි කිව්ව සියල්ල වෙනස්කම්වලට ලක් කළ සාධකයක් කියල අපිට හදුන්වන්න පුළුවන්. 2019 අග භාගයේ සිට තවමත් අප කතා බහ කරමින් සිටින්නේ එකම කරුණක් සම්බන්ධයෙන් එනම් ඒ කොවිඩ් වසංගතය පිළිබඳව ය.

වර්තමාන වසංගත රෝගි තත්ත්වයන් වගේම අතීත රෝගි වාර්තාවන් එක්ක අනාගතය පිළිබඳ යම් පුරෝකථන ද ඉදිරිපත් කළ හැකි වුණාට මේ වන තුරු රෝග නිධානය පිළිබඳ ව කාටවත් කරුණු නිසි ආකාරයෙන් සොයාගැනීමට නොහැකි වෙලා තියෙනව වගේම මූලික අවස්ථාවේ සිටම කොවිඩ් වසංගතයේ නිජබිම ලෙසින් සැලකෙන චීනයේ වුහාන් නගරය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ රටවල ජනයා අවධානයෙන් සිටියා කියන කරුණ සත්‍යක්. මුල් කාලයේ දී චීනයේ වුහාන් නගරයේ රෝගීන් මිය යෑමේ වර්ධනයක් ඇති වූ විට ලෝකයේ විවිධ රටවලින් චීනය දෙසට ඇඟිල්ල දිගු වන්නට වූයේ චීනයේ බලධාරීන් විසින් සියලු රහස් සඟවා තබන ලද බවට කියන සාධාරණ ඒත් ඔප්පු නොවූ සාධකය මත.

කෙසේ වෙතත් මාධ්‍ය මඟින් ලෝකයට ඉදිරිපත් කළ ප්‍රබල කාරණා දෙකක් අදටත් සමාජය තුල ගැවසෙනව. එකක් තමා කොවිඩ්- 19 වයිරසය ඇති වූයේ ක්ෂීරපායී සතකු වන වවුලකු මඟින් කියන කාරණාව ඉදිරිපත් වූ අනෙක් ප්‍රබලතම දේ වූයේ රසායනාගාරයක් තුළ සිදු කරන ලද පරීක්ෂණවල දී ඇති වූ යම් අනතුරකින් එම රසායනික වයිරසය පිටතට කාන්දු වෙලා කියන කාරණව. එහෙත් මේ දක්වා කිසිදු විද්‍යාඥයකුට මෙතෙක් මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට නොහැකි වෙලා තියෙනව. චීනය ප්‍රකාශ කර සිටියේ මෙම කරුණු දෙකහිම සත්‍යතාවක් නොමැති බව යන කරුණු නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය ඇති වූයේ කෙසේ ද යන්න සම්බන්ධ ව පරීක්ෂණ කටයුතු සිදුකිරීමට කණ්ඩායමක් පත් කිරීමට පවා කටයුතු යොදන්න සිද්ද වුණා.
.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වෛරසයේ ආරම්භය සොයා එහි නිජබිම වශයෙන් සැලකෙන වූහාන් නගරයේ පර්යේෂණ පවත්වන විට කොවිඩ් වලින් බැටකාපු රටක් විදියට ලංකාවේ ඉදිරි පියවර ගැන අප අවධානය යොමු කිරීම වටිනව කියන කාරණය අපි ඉදිරියේ දිගහැරිල තියෙනව. ඒ මොකද කිව්වොත් මේ වන විට කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකාවේ රෝගීන් සංඛ්‍යාව අඩු වෙමින් පවතින තත්වයක පවතින නිසා. එවන් මොහොතක රට විවෘත කිරීමෙන් පසු සිදුවන හානිය අවම කර ගැනීමට කටයුතු කිරීමට අප සියලු දෙනාම එක් වී කටයුතු කළ යුතුයි කියල අපි කියන්නෙ පසුගිය අප්‍රේල් අවුරුදු සමයේ අපේ රටේ සිදු වූ කරුණු තවමත් අපිට අමතක කරන්න බැරි නිසා. අවම රෝගීන් තත්ත්වයක් සිටි අපේ රට උත්සව සමයේ දී අවුරුදු කෑමේ ආදීනව මේ මොහොත වන විටත් අපි භුක්ති විදිමින් ඉන්නව කියන කාරණාව තමා පරම සත්‍ය. අවුරුදු කෑමේ ප්‍රීතිය කෙලවර වුණේ අපේ රට ලෝක සෞඛ්‍ය සංවිදනය නම් කරපු රතු කලාපයට ලේසියෙන්ම ඇතුල් වෙලා.

කෙසේ වෙතත් මේ වන විට සිදුවෙමින් පවතින සිදුවීම් හා ක්‍රමයෙන් දිනකට එක් වන රෝගීන් සංඛ්‍යාව අනුව තවත් රැල්ලක් ඇති නොවේ කියල කාටවත් කියන්න බෑ. අපේ මිනිස්සුන්ට යමක් මතක තියෙන්නෙ සති දෙකයි. මේ වන විටත් අත්‍යවශ්‍ය කටයුතුවලින් පවා බැහැරව බොහෝ දෙනා ශ්‍රී ලංකාව තුළ සංචාර සඳහා එක් වෙමින් ඉන්නව කියන කාරණාව අපේ ඇස් ඉදිරියේ පේන්න තියෙන භයානක කරුණක්. ඕකට අපි කියන්නෙ ෆන් ගන්නව කියල. අවුරුදු කෑමේ ආදීනව තවමත් භුක්ති විදින අපි ඒ කරුණ ඊයෙ පෙරේදා එලඹුණු දීර්ඝ සති අන්ත නිවාඩුවෙදි සහමුලින්ම අමතක කරල තියෙනව. ඇත්තටම ඒක අභාග්‍යට කාරණාවක් අපි සඳහන් කළාක් මෙන් අවුරුදු සමයේ ගත්ත ෆන් එක මේ විදියට අදත් ගත්තොත් මෙවර සංචාරක ප්‍රීතිය ද සමාජයට ඉතා දැඩි හානිකර ලෙස භුක්ති විඳීමට සිදුවනවා කියන කාරණාව ඉර හද වගේ විශ්වසයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිපැදීම මහජනතාව විසින් සිදු කරන්න අත්‍යවශ්‍ය වෙන්නෙ ඒ කරුණ තමාගේ මෙන්ම තම ඥාති හිතමිත්‍රාදීන්ගේ හා රටේ ආරක්ෂාවට ද මහඟු පිටිවහලක් වෙන නිසා. එසේ සිදු නොවුණ හොත් වන්නේ තවදුරටත් රට වසා තැබීමට සිදුවීමයි. එහි වක්‍ර බලපෑම රටේ සියලු අංශයන් කරා දැඩිව බලපාන බව සියලු දෙනා සිහි තබා ගත යුතු වෙනව. වර්තමානයේ අප මුහුණ දී සිටින්නේ ද එවන් කාල වකවානුවකට ය. මේ මොහොත වන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට පවා මුහුණ දී සිටින්නේ බහුතරයක් දෙනා සෞඛ්‍යාරක්ශිත ක්‍රමවේදයන්ගෙන් තොරව කටයුතු කළ නිසා කියන කාරණව අපිට පිලිගන්නම වෙනව.

සෞඛ්‍ය අංශ මේ මොහොත වන විටත් කරුණු කියා පාන්නේ හැකිතාක් දුරට සංචරණ කටයුතුවලින් බැහැරව සිටින කියන කාරණාව. ඒත් ඔය ෆන් ගන්න විතරක් ඉපදිලා ඉන්න උදවිය හින්ද අපේ රට ආයෙමත් දැඩි අනාරක්ෂිත තත්වයකට පත්වෙන්න ආසන්නයි. මේ ගොල්ලන්ට අවම වශයෙන් දෙසැම්බර් මාසය අවසන් වෙනකන්වත් බලා ඉන්න බැරිවිදියට ෆන් එක වැදගත්වෙලා තියෙනව. ලෝක සෞඛ්‍ය සංවිධානය රෝගයේ මූලික අවස්ථාව කවරේද යන්න සොයා බැලීම සදහා පරීක්ෂණ කරන මේ මොහොතේ අපේ රටේ අඩුවෙමින් පවතින රෝගීන් සංඛ්‍යාව තවදුරටත් අවම කර ගැනීමට අපිටම නොහැකි නම් සමස්තයක් වශයෙන් එය අප රටේ අවාසනාවක්.

සෞඛ්‍ය අංශ වලට , ආරක්ෂක අංශ වලට වගේම රජයට ද කළ හැකි සීමාවන් පවතිනව කියන කාරණව අපි විසින්ම අමතක කරල තියෙනව.බොහෝ වගකීම් සම්භාරයක් ඇත්තේ මහජනතාව අත කියන කාරණාව එලොවටත් මෙලොවටත් නැති ෆන් ගන්න උදවිය අමතක කරල තියෙනව. රටේ ජනතාව මේ ෆන් එක නිසා අමාරුවෙ වැටෙනව කියන දේ ෆන් ගන්න කට්ටිය සහමුලින්ම අමතක කරල තියෙනව. හැබැයි මොකක් හරි රටට වුණොත් ඉස්සෙල්ලම රෙදි උස්සන් එන්නෙත් ඔය ෆන් ගන්න උදවියම කියන කාරණාවත් අපි හොදටම දන්නව.

එම නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිපදිමින් මෙම උවදුරින් මිදීමට සියලු දෙනා කටයුතු සිද්ද නොකලොත් වෙන්නෙ ආරම්භයේදීම සඳහන් කළා මෙන් තවත් කාලයක් යන තුරු එකම කරුණ නැවත නැවත කීමට සිදු වීම පමණයි කියන කාරණාව අපි අවබෝධ කරගන්න තාක් කල් අපිට කොරෝනා ගැන තව පරම්පරා කීපයක්ම කතා කරන්න සිද්ද වෙයි. මේ කාරණේ බුද්ධියක් තියෙන ඕනම කෙනෙකුට අවබෝධ වුණාට ෆන් ගන්න මෝඩ තකතීරු උදවියට නොතේරිම තමා අපේ රටේ අභාග්‍ය. (උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්