Feb
3

2022 අයවැය පොරොන්දු ඉටු කරමින් ගමට ව්‍යාපෘති ලක්ෂයක්

 
2100 Views
   
 

මුදල් අමාත්යවරයා අයවැය යෝජනාවලදී ඉදිරිපත් කළ ගමට ලක්ෂයක් ව්යාපෘති වැඩසටහන අද ආරම්භ වෙයි. මෙය අපේ ග්රාමීය සංවර්ධනයේ සුවිශේෂී අවස්ථාවක් සේ සැලැකිය හැකිය. ආණ්ඩුව ජනතාවට ලබා දෙන පොරොන්දු ඉටු කරන බව ද ගමේ සංවර්ධනයට ප්රමුඛ තැන ලබා දෙන බවද මෙයින් සනාථ වෙයි.

විදේශ විනිමය හිඟය ඇතුළු ආර්ථික පීඩන ගණනාවක් ද දරා ගනිමින් රටේ සංවර්ධන වැඩ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම එක අතෙකින් විස්මිත කාරණයකි. ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ ඉදිරි වසර තුන ඇතුළත ශ්රී ලංකාව කලාපයේ නැඟී සිටින රාජ්යයක් බවට පත්කරන බවය.

ඊට අදාළ සාධක සෙමෙන් වුව ඉටුවන බව පෙනෙයි. පසුගිය මාසය පුරාවට මීට අදාළ ව්යුහය සකස් කිරීමේ සාකච්ඡා පවත්වා ඇත. දේශපාලකයන්, නිලධාරීන්, ග්රාමීය නායකයන් ඊට සම්බන්ධ වූ බව වාර්තා වී ඇත. රජය ගමේ සංවර්ධනයට අවශ්ය ප්රාග්ධනය සපයන අතර, ව්යාපෘති පිළිබඳ තීරණය ගැමි කමිටුවට භාර කරනු ලැබේ.

එය ඉතා වැදගත් තීරණයකි. ගමට අවශ්ය දේවල් පිළිබඳ තීරණය ඉහළින් නොව පහළින් ගැනීම ප්රායෝගිකය. ගමේ සැබෑ අවශ්යතා මෙන්ම ශක්යතා ද නිවැරදිව හඳුනා ගැනීමට එයින් ඉඩ ප්රස්ථා ලැබේ. ආණ්ඩුවේ මන්ත්රීවරුන්ට පමණක් නොව, විපක්ෂයේ මන්ත්රීවරුන්ට ද ඊට සහභාගි විය හැකිය.

ගැමි කමිටුවේ තීරණය මත ව්යාපාරික සහාය ද ඊට ලබාගත හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්ය මණ්ඩලය වැනි ජගත් ආයතන 1960 ගණන්වලටත් පෙර සිට ග්රාමීය සංවර්ධනය ගැන සම්මන්ත්රණ පවත්වමින් දුප්පත් රටවලට උපදේශන සපයා ඇත. එම උපදේශනවල ඉහළින්ම ඇත්තේ ග්රාමීය දිළිඳුකම පිටුදැකීමට අදාළ නිර්දේශයන්ය.

ගම හඳුනා ගැනීම, ගමේ සම්පත් නිර්ණය කිරීම හා ගැමි සමාජය සංවිධානගත කිරීම ජගත් ආයතනවල ඉල්ලීම වෙයි. ගමට නිසි නායකත්වයක් දීමෙන් ගැමියා හා ගැමි ආර්ථිකය දියුණු කළ හැකිය යන්න පිළිගත් මතයකි. එහෙත් එය සරල හා පහසු කාර්යයක් නොවන බව ග්රාමීය සංවර්ධනයේ අතීත අත්දැකීම් දෙස බලන විට පෙනී යයි. අපහසුම කාර්යය වන්නේ ගැමි සමාජය තුළ විශ්වාසය ගොඩනැඟීම හා ඔවුන්ගේ පැරැණි ආකල්ප වෙනස් කිරීමය.

නිදහස ලබාගන්නා කාලය වන විට ග්රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් දේශීය අත්දැකීම් දෙකක් තිබිණි. පළමුවන්න ලංකා මහිලා සමිති ව්යාපාරයයි. දෙවන්න ග්රාම සංවර්ධන දෙපාර්තමේන්තුවයි. එය පිහිටුවා ඇත්තේ 1948 දීය. ලංකා මහිලා සමිති ව්යාපාරය ඊට කලින් ක්රියාත්මක වී ඇත. ඊට රජයේ ආධාර ලැබී ඇත. මහිලා සමිති ව්යාපාරයේ අරමුණ වූයේ ග්රාමීය කාන්තාව සංවිධානගත කිරීමෙන් ගැමි ආර්ථිකය දියුණු කිරීමය.

එහිලා යොදාගත් ප්රධාන උපායමාර්ගය වූයේ ග්රාමීය කාන්තාවන්ට විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීම හා ඔවුන් සුළු කර්මාන්ත සඳහා යොමු කිරීමය. ග්රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ඊට වඩා පුළුල් ලෙස ගමේ සංවර්ධනයට දායක වී තිබේ. එහෙත් ඒවා ඉලක්ක සපුරා ගනිමින් අඛණ්ඩව ක්රියාත්මක වී නැත. ඒවා සාර්ථක වූයේ නම්, ගමට අලුත් වැඩසටහන් අවශ්ය නොවේ.

කුමන අර්ථයකින් ගෙන බැලුව ද ශ්රී ලංකාව යනු ග්රාම රාජ්යයකි. අපේ ආර්ථිකයේ ප්රධාන සාධක දෙකක් වන වැවිලි කර්මාන්තය හා අපනයන ක්ෂේත්රය රැඳී පවතින්නේ ග්රාමීය අංශය මතය. රටේ මුළු ජනගහනයෙන් 70%ක් පමණ ග්රාමීය අංශය නියෝජනය කරති. මේ හැරෙන්නට අපේ සංස්කෘතිය, චින්තන රටාව හා ජාතික උරුමයේ සලකුණ ඇත්තේ ගම තුළය. ගම සංවර්ධනයෙන් තොරව රට සංවර්ධනය කළ නොහැකි බව ද පිළිගත් මතයකි.

මේ අනුව ගම හදා රට හදමු වැනි තේමා පාඨ බිහිවී ඇත. එහෙත් ඒවා හුදු ආකර්ෂණීය වචන ටිකකට සීමා වී ඇති බව අතීත අත්දැකීම් විමසන විට පෙනී යයි. දේශපාලන නායකයන් ගමට යෑම ප්රතිඵල සහිත සිද්ධියක් බව ‘ගම සමඟ පිළිසඳරක්‘ වැඩසටහන ඔස්සේ ජනාධිපතිවරයා සනාථ කර ඇත.

කොවිඩ් වසංගතය මත එය තාවකාලිකව නැවතී ඇතත් යළි එය ආරම්භ කළ යුතුය. ගමට ලක්ෂයක් වැඩ ව්යාපෘතිය ද ඊට සමගාමීව ක්රියාත්මක වීමෙන් ග්රාමීය අංශය තුළ නව ප්රබෝධයක් අපේක්ෂා කළ හැකිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්