Feb
21

” මම හිතන්නේ අලුත් පරම්පරාව ඕපදූප හොයන පරම්පරාවක් නෙවෙයි” ජනප්‍රිය නිළි නිල්මිණි තෙන්නකෝන්

 
1856 Views
   
 

ලාංකීය ටෙලි නාට්‍යය කලාව තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ඇත්තෙන්ම පුදුමාකාර රංගන හැකියාවකින් සමන්විත ඇය වසර ගණනාවකට පෙරදී සිංහල සිනමාව ඔස්සේද අපට දැකගන්නට ලැබුණා. කොහොම නමුත් සුවිශේෂ වු රංගන හැකියාවකින් සමන්විත ඇයව මේවෙද්දී මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය මෙරට ජනයා අතර ජනප්‍රියයි කිව්වොත් නිවැරදියි

කොහොමහරි ඉතින් රංගන ශිල්පිනියක ලෙසින් මෙරට කලාව තුළ ජනප්‍රියත්වයට පත් ඇය මේවෙනකොට රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. මේ අතර නිල්මිණි කියල කියන්නේ මේවෙද්දී සමාජ ජාලා මාධ්‍ය තුළත් ජනප්‍රියත්වයට පත් චරිතයක් කිව්වොත් නිවැරදියි. කොහොම නමුත් අද අපි කතා කරන්න යන්නේ මෙරට කලාව තුළ ඉන්න ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇයත් සමගිනුයි

ඇත්තෙන්ම ඔබ මෙරට කලාව තුළ හොඳ ගමනක් යන අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් ඔබ එදා කලාවට පිවිසුණු ආකාරයත් අද නවක පරපුරේ අය කලාවට සම්බන්ධ වන ආකාරය ගැනත් ප්‍රවීණ රංගන ශිල්පිනියක හැටියට ඔබ මොකද හිතන්නේ ?

අපේ සමාජයේ ගොඩක් ඉන්නේ ටික් ටොක් නළු නිළියන්. එයාලා අතර දක්ෂයො ඉන්නවා. හැබැයි කලාව කියන්නේ පුළුල් උතුම් ක්ෂේත්‍රයක්. ඒක නිසා මේ කලාව ගැන ඉගෙනගෙන තමයි කලාවට එන්න ඕන. අද ගොඩක් නළු නිළියන් කරන්නේ තමන්ට හිමි චරිතයේ පිටපත බලන එක විතරයි. ගොඩක් අයට ස්ක්‍රිප්ට් එක ගැන අවබෝධයක් නැහැ. සමහර අවස්ථාවලදී තමන්ගේ රියසල්වත් බලන්නේ නෑ. හැබැයි එදා අති දැවැන්ත චරිත බිහිවුණේ කලාව ගැන මනා අවබෝධයකින් කලාවට පිවිසි නිසා

ඒ කියන්නේ මේ දේවල් වලට සමහර අධ්‍යක්ෂවරු වගකියන්න ඕන නේද ?

චරිතය ගැන අවබෝධය තමයි නිර්මාණයක සාර්ථකත්වයට හේතු වෙන්නේ. චරිතයක වගකීමක් අපි සතුව තිබිය යුතුයි. ඇත්තටම මමත් හිතෙනවා සමහර අධ්‍යක්ෂවරු මේ දේවල් වලට වගකියන්න ඕන කියලා. අද බිහිවන ගොඩක් නිර්මාණ හරි බංකොලොත් නිර්මාණ විදිහට තමයි මමනම් දකින්නේ

අද නවක පරපුරේ අය ප්‍රවීණයන්ට ගරු කරන්නෙ නෑ කියලා නිල්මිණි හිතනවාද?

මම වැඩකරද්දී නම් ම කරද්දි නම් මට එහෙම අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ. මොකද මමත් එක වැඩ කරන ගොඩක් අය මට ගොඩක් ආදරේ කරන මට ගෞරව කරනවා. කොතනක හරි වැරැද්දක් තියෙනවා නම් නවක පරපුරේ ළමයිට බැනලා වැඩකුත් නැහැ. මොකද ඔවුන්ට හොඳ මෙහෙයවීමක් තියෙන්න ඕනෑ. මම දකින්නේ එහෙම තැන් තියනවනම් ඒ එයාලා මෙහෙයවන ආකාරයේ වැරැද්දක්. අපිට හැමෝටම බනින්න පුළුවන් කමකුත් නැහැ. මොකද ප්‍රවීනයෝ බිහිවෙන්නෙත් ආධුනිකයින් ගෙන් ම තමයි. අපි වුනත් එහෙමයි. අපේ අතිනුත් වැරදි වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසාම අපිට කාටවත් ඇඟිල්ල දිගු කරමින් කතා කරන්න බැහැ

කොහොමහරි එදා ඉදල අද වෙනකම් පාර්ලිමේන්තුවට සම්බන්ධ වුන කලාකරුවන්ගෙන් කලාවට සේවාවක් සිද්ධ වෙලා තියෙනවාද ?

ඇත්තම කතාව රජයෙන් හෝ දේශපාලඥයන්ගෙන් කලාව කියන දේට කිසිම දෙයක් ඉෂ්ට වෙලා නැහැ. අද වෙනකල් ලංකාවේ රංගන පාසලක් ආරම්භ කරන්නට වත් කාටවත් හැකියාවක් ලැබී නැහැ. ලංකාවේ කලාව කියන දේ අද වෙනකන් රැගෙන යන්නේ කලාකරුවන් තුළ තියෙන උත්සාහය සහ කැපවීම විතරයි. රටේ හැම දේකටම නිති පද්ධති තිබුනත්ක ලාකරුවන්ගේ කිසිදු ගැටලුවකට නීති නැහැ

දික්කසාද ගැහැනියකට වරප්‍රසාද අවමයි කියල සමාජයේ කතාවක් තියෙනවා. ඉතින් ඒ ගැන ඔබ මොකද හිතන්නේ ?

එහෙම කතාවක් ඉස්සර නම් තිබුණා. නමුත් දැන් එහෙම නැහැ. මොකද දැන් පරම්පරාව අලුත්. මම හිතන්නේ අලුත් පරම්පරාව ඕපදූප හොයන පරම්පරාවක් නෙවෙයි. ඕපදූප හොයමින් දුෂ්ටකම් කරනවා නම් ඒ යම්කිසි වයස් සීමාවකින් ඉන්න අය විතරයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්