Feb
13

” අද සමාජයේ ඉන්නේ විවිධාකාර මනුස්සයෝ, ඇත්තටම අපිට ඕනේ සල්ලි වත් රූපය වත් නෙවෙයි ” ඉෂාරා අතුකෝරල

 
799 Views
   
 

ආනන්ද අතුකෝරල කියල කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඇත්තෙන්ම ඒ මහතා පිළිබඳ මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. කොහොම නමුත් අද අපි කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය රංගන ශිල්පියාගේ දියණිය ගැනයි. ඇය තමයි ඉෂාරා අතුකෝරල. ඉෂාරා කියල කියන්නේ මේවෙනකොට අපේ රටේ ඉන්න දක්ෂ නිවේදිකාවක්. ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ ඇයත් සමගිනුයි

ඇත්තටම ඇයි ඔබ ඔබේ පියා වගේ රංගනයට එක්වෙන්නේ නැත්තේ ?

උසස් පෙල ඉවර උනාට පස්සෙ මම ආත්මා කියන ටෙලි නාට්‍ය රඟ පෑවා. ඒකේ රඟපෑවේ ගයාන් චතුරිකා. මම එහි රඟපෑවේ ගයාන් අයියාගේ නංගි විදිහට. ඒක අන්ධ චරිතයක්. ඒ කාලේ හොඳ ප්‍රතිචාර ලැබුනා ඒ චරිතයට. දැන් මම නිවේදනය සහ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා. ඉතින් හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

ආදරය ගැන කතා කලොත්, ඉෂාරා ආදරය දකින්නේ කොයි විදිහටද ?

‘ආදරයට හරි කෙනෙක් ලැබුණොත් හොඳයි. මොකද අද සමාජයේ ඉන්නේ විවිධාකාර මනුස්සයෝ. ඇත්තටම අපිට ඕනේ සල්ලි වත් රූපය වත් නෙවෙයි දැනෙන ආදරයක්. අනික මම කැමතියි ආනන්ද අතුකෝරලගේ දුවට ආදරේ කරන කෙනෙකුට නෙවෙයි. මාව සැබෑවටම අදුරගත්ත කෙනෙක්ගෙ ආදරේකට. මට තවම එහෙම ආදරයක් ලැබිලා නැහැ. කොහොම වුණත් අවුරුදු තිහේදී විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ගෙදරින් වත් කිසිම බලපෑමක් නැහැ

ඔබේ පියා මේවෙනකොට කලාව තුළ හොඳ ගමනක් යන කෙනෙක්. ඉතින් තාත්තා කලාකරුවෙක් වීම ඔබට කොහොමද දැනෙන්නේ ?

මම හිතන්නේ ඒක ලොකු වාසනාවක්. මගේ තාත්තට හැමෝම ආදරේ කරනවා. මම පුංචි කාලේ පාසලේ රැස්වීම් වලට තාත්තා ආවහම සමහරු කිව්වේ අන්න අර නළුවගේ දුව කියලා. හැබැයි කවදාවත් මම මගේ තාත්තාගේ නම පාවිච්චි කරලා ඉස්සරහට ගිහින් නැහැ. මගේ තාත්තා වුනත් එහෙමයි. කවදාවත් මගේ දුවට චරිතයත් දෙන්න කියලා කාටවත් කියලා නැහැ

ගෙදරදී තාත්තා මොන වගේ චරිතයක්ද කිව්වොත් ?

අපේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි මමයි. අපි තුන්දෙනා ගොඩක් සතුටින් සමගියෙන් ජීවත් වෙනවා. තාත්තා නිතරම හිනා වෙලා සැහැල්ලුවෙන් ජිවත් වෙන කෙනෙක්. ඇත්තටම හරිම ආදරණීය පවුලක් මට තියෙන්නේ. වෙලාවට මට තාත්තා නැතුව නින්ද යන්නෙත් නැහැ

ඔබට වෘත්තිමය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් තිබෙනවාද ?

මම කවදාවත් වෘත්තිමය රංගන ශිල්පිනියක් වෙන්නේ නැති වෙයි. මොකද මගේ ඔළුවේ තියෙනවා කවදාහරි මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ හැමදේම එක්ක මගේ දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා කියන තැන මම ඉන්නවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්