Nov
4

“මේ දවස් වල තාත්තාට ආදායමක් නැහැ”

 
2386 Views
   
 

ඔබ අප ආදරය කරන ජනප්රිය බොහෝ කලාකරුවන්ගේ දරුවන් ඉන්නවා, සිය මවගේ හෝ පියාගෙන් ලද කලා උරුමය නොඅඩුව තිබුනත් කලාව වෘත්තිය කර නොගත් හෝ කලාව ප්රධාන වෘත්තිය බවට පත් නොකර ගන්නවා යැයි කියන අදහසින් අධ්යාපන කටයුතුවල නියැලෙන. අද අපි මේ කතාව ඔබට සමීප කරන්නෙත් එවන් වූ දියණියක් සමඟයි. ඇය නමින් ලිහිණි හෙට්ටිආරච්චි.

ඇයට කලාව උරුම වෙන්නේ සිය අප්පච්චිගෙන්. ලිහිණිගේ අප්පච්චි ඔබ වඩාත් ආදරය කරන හැමෝගෙම සිත් සිය ආදරණීය ගීත තුළින් ආමන්ත්රණය කරන ප්රවීණ ජනප්රිය ගායන ශිල්පී චන්ද්රසේන හෙට්ටිආරච්චි. ලිහිණි මේ වෙද්දි ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ව්යාපාර සංඛ්යානය විෂය ධාරාවේ අවසන් වසරේ සිසුවියක්. ඒ නිසාම එහි අවසන් විභාගය දෙසැම්බර් මස පැවැත්වෙන නිසා ඒ වෙනුවෙන් සිදුකරන පර්යේෂණ අධ්යයන කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්න කාලයක තමා පිණිපලස කතාබහට එක්වුණේ.

“පොඩි කාලේ අපිව එහෙම කවුරුත් දන්නෙ නැහැ. මට ඉන්නෙ අයියා කෙනෙක්. ඉතින් අයියයි මායි මේ චන්ද්රසේන හෙට්ටිආරච්චි කියන ගායන ශිල්පියාගේ දරුවො කියල දැනගෙන හිටියේ අපේ පවුලේ අය සහ පවුලට සමීපතම අය විතරයි. පාසලේ උනත් අපේ වැඩ වලට අප්පච්චිට එන්න වෙලාවක් නෑ. උදේ කාලයේ මහරගම තරුණ සේවා සභාවේ වැඩකටයුතු සහ රෑට සංගීත සංදර්ශන නිසා. ඒ නිසා අපේ හැම දේටම ආවේ අම්මා. කාලයක් එක්ක අපිට දැනුම් තේරුම් ඇති වෙද්දී අනෙකුත් අය දැන ගන්නවා අපේ අප්පච්චි කවුද කියන එක.

“මට නම් පුංචි කාලේ ඉඳන්ම අප්පච්චි ගැන තියෙන්නෙ ආදරණීය ගෞරවයක්. ඒ නිසා මම හැමදාම නිහතමානීව ආඩම්බර උනා මගේ අප්පච්චි චන්ද්රසේන හෙට්ටිආරච්චි වීම ගැන. රටේ ජනප්රිය කෙනෙක්ගේ දරුවෙක් වීමම එක පැත්තකින් හොඳ විදිහට දැනෙද්දි සමහර තැන්වලදී එය නිදහසට බාධාවක් කියල හිතුන තැන් නැතුවාම නොවෙයි. ඒ නිසා අපිට කුඩා කාලයේ සිටම ජීවත් වෙන්න වුණේ බොහොම කල්පනාකාරීව.

01.

“පාසල් කාලයේ පටන්ම ගීත ගායනයට සහ නර්තනයට දක්ෂතා දැක්වූ ලිහිණි පාසල් වේදිකාවේ දී සම්මාන දිනාගෙන තිබෙනවා. ඒ නිසාම ඇය ඒ අතීතයත් මෙහෙම මතක් කළා. මම මූලික අධ්යාපනය ලැබුවේ මරදාන ශ්රී සංඝමිත්තා බාලිකා විදුහලෙන්. එතැනදි ජාතික ගීය, පාසල් ගීතය සහ උදෑසන සිරිත් මල්දමේ කවි කියන්න හතර පහ වසරෙ ළමයින් තෝරා ගනිද්දී මමත් තේරුණා. මම ගීත ගායනා කරන්න පමණක් නොවෙයි නර්තනය සහ චිත්ර වගේ හැම දේකටම පාසලේ දී ඉදිරිපත් වුණා. පසුව ශිෂ්යත්ව විභාගය සමත් වෙලා කොළඹ ගෝතමී බාලිකා විද්යාලයට ඇතුළු වුණා. එතනදි 06 වසරෙදි කලා විෂයයන් තෝරා ගනිද්දි මම තෝරාගත්තේ සංගීතය. ඒ වගේම පාසලේ සංගීත කණ්ඩායමේ මම සාමාජිකාවක් වෙලා හිටියා. පද්ය ගායනා තරඟවලින් ජයගත්තා. සාමාන්ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න විශාඛා විද්යාලයට ගියා.”

“එතනදි මම තෝරාගත්තේ ව්යාපාර සංඛ්යානය, පෙරදිග සංගීතය සහ මීඩියා කියන විෂයන්. ඒ වගේම සමස්ත ලංකා ජයග්රහණ සහ අපේ ඩ්රාමා Festival එකට මම මියුසික් කරපු කුස පබා නාට්ය පළමුවැනි තැනට ආවා. ඒ වගේ පාසල් කාලයේ සංගීත කලාව කියන දේවල් එක්කම තමා කාලය ගත වුණේ. ඒ එක්කම විශාරද විභාග ටිකත් මම කරගෙන යනවා. මම කැමැතියි හැම පැත්තෙම දැනුමක් ලබාගන්න. මොකද ඒ දේවල් කවදාම හරි ප්රයෝජනයක් වෙයි. විශ්ව විද්යාලයේ ජීවිතය තුළ මට ඕනෑ වුණා අලුත් දෙයක් ඉගෙන ගන්න. අනික ව්යාපාර සංඛ්යානය කියන්න විෂය හැමදේකටම ගලපලා ගන්න පුළුවන් සහ ගැලපෙන විෂයක්.”

02.

ඒ නිසා මම හිතුවා ඒ දේ ඉගෙන ගත්තොත් හොඳයි කියලා. මම කොහොමත් වෘත්තීය ගායන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් නැහැ. මොකද මම අද දකිනවා මගේ අප්පච්චිගේ තත්වය කොහොමද කියලා. අප්පච්චි මේ ක්ෂේත්රයට ආව කාලය වගේ නෙමෙයි දැන් තත්ත්වය. මේ ඇතිවුන වසංගත තත්වය නිසා දැන් අවුරුදු තුනකට ආසන්න කාලයක් කලා ක්ෂේත්රයේ බොහොමයක් අංශ බිඳ වැටිල තියෙනවා. ඒ නිසා අපට තීරණය කරන්න බැහැ තත්ත්වය කොච්චර කාලයක් පවතීද කියලා. මගේ අප්පච්චි පූර්ණකාලීනව සංගීතය කළේ. මේ කාලයේ සංගීත සංදර්ශන මුකුත් නැති නිසා ආදායමක් නැහැ. ඒ නිසා මේ කාලයේ මොළය කල්පනා කරලා ජීවත් වෙන්න පුළුවන් දේවල් තමයි කරන්න ඕනේ. මගේ අප්පච්චී හිතන විදිහට නෙමෙයි මම හිතන්නේ. මම කැමතියි ස්ථිර රස්සාවක් කරන අතරතුර අමතරව සංගීත කටයුතු කරන්න. මම ආසාවෙන් ඉන්නවා ලෙක්චර් කෙනෙක් වෙන්න.”

මම හිතෙනවා ඒ අරමුණට යන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වෙනුවෙන් අවශ්ය දැනුම ලබාගන්න මේ කාලය වැඩිපුර කැප කරල තියෙන්නෙ. මේ වෙද්දිත් මගේ ගීත කිහිපයක් කරලා තියනවා. ඒ දේවල් එක්ක හොඳ විදිහට සංගීත ක්ෂේත්රයට නිර්මාණ දායාද කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

 

සටහන – අනූෂා රණසිංහ (සති අග අරුණ පුවත්පත පිණිපලස අතිරේකය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්