Nov
12

මුදල් ඇමති බැසිල්ගේ මංගල අයවැය කෙසේ වේවිද ?

 
1373 Views
   
 

මූල්ය ක්ෂේත්රයේ ඉතා වැදගත් වාර්ෂික ලියවිල්ල වන අයවැය සහ අයවැය රහස් අද ඉදිරිපත් කෙරෙනු ඇත.. මෙවර අයවැය ඉතාමත් සංකීර්ණ එමෙන්ම අභියෝගාත්මක එකක් වනු නොඅනුමානය. පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් සහ කොවිඩි වසංගතයෙන් අපේ රටෙි ආර්ථිකය අනපේක්ෂිතව දරැණු ලෙස සංකෝචනය විය..

එහි ප්රතිවිපාක වශයෙන් අපට භෞතිකව පෙනෙන්නේ ඉතා විශාල ලෙස ඉන්ධන, ගෑස් සහ අනෙකුත් සියළුම භාණ්ඩවල මිල ඉහල යාමක්ය.උද්ධමනයේ වැඩිවීමක්ය. ලෝකයේ සෑමරටක්ම පාහේ ගෝලීය වසංගතයේ ප්රතිවිපාක වලින් මිදීමට බලවත් උත්සාහයක යෙදේ.. මෙවර අයවැයේ ප්රමුඛතම අභියෝගය නමි රටෙි සංවර්ධනය ඇතිකරන ගමන්ම සාර්ව ආර්ථික සාධකය විධිමත් කිරීමය.

ඒ සදහා

1) ආර්ථික වර්ධන වෙිගය. 

2) රැපියලේ අගය බරපතල ලෙස කඩා වැටීම පාලනය. 

3) පොලී අනුපාත 

4)අළුතින් ක්ෂේත්ර දියුනු කිරීම.. මූලිකවෙි.

පසුගිය මාස අටක කාලය තුල රටෙි ආර්ථිකය වර්ධනය වූයේ ඉතාමත් සුළු වශයෙනි. එනමි…

1) මන්දගාමී ආර්ථික වර්ධන වෙිගය . 

2) නිල විදේශ සංචිත පහල යාම. 

3) රැපියල තියුනු ලෙස අවප්රමාන වීම. 

4)රාජ්ය ආදායම අඩුවීම.

5) රාජ්ය ණය තිරසරභාවය පිළිබද අවිනිශ්චිත බව.

 6) උද්ධමනය ඉහල යාම. 

මෙම කරැනු සියල්ලම මෙම අයවැයේදී මුල සිට අගටම සලකා බැලේ. සාර්ව ආර්ථික සාධකය වර්ධනයට, පලදායිතාවය වඩවා දේශීය හා විදේශීය ආයෝජකයන් දිරිමත් කල යුතුවෙි… මධ්යම රජයේ රාජ්ය ණය 101% වෙි. මෙය අවම කරනු වස් ණය නොවන විදේශීය ප්රභවයන් වැඩිකර ගත යුතුය. ඒ සදහා

1) විදෙස් රැකියා ප්රවර්ධනය කල යුතු අතර ඉපැයීමි වැඩිකරගත යුතුවෙි.

2) සංචාරක ක්ෂේත්රය පුළුල් කල යුතුය.

එමගින් 2030 වනවිට ඉලක්කගත වාර්ෂික අදායම ඩො. බිලියන 4.5 සිට ඩො. බිලියන 10 දක්වා යා හැක. පසුගිය මාස අටතුල ලැබුනු ආදායම ඩො. මිලියන 33 ක ඉතාමත් සොචිචමකි.

3)අපනයන ආදායම වැඩිකිරීම

ක්ෂේත්රයේ වැවිලි ආදායමෙන් තේ ඉහලම අගයක් ගනී. පොහොර අර්බුධය,වල්නාශක,දිලීර නාශක ලබාදීමෙන් සහ තේ වෙන්දේසිය ප්රවර්ධනය කිරීම තුලින් ජාතික අපනයන ආදායමෙන් 20%ක් වූ තේ ආදායමි කෝටාව තව තවත් වැඩිකරගත හැක. සුළු,කුඩා හා මධ්යම පරිමාන ව්යවසායකයන් පත්වී සිටින අසරන තත්වයෙන්ගෙන් මුදාගත යුතුය. අඩු පොලියට නය පහසුකමි ලබාදිය යුතුවෙි..

වක්රබදු නැවතත් පැනවෙනු ඇති VAT අඩුකිරීම නිසා රජය කරගත් විනාශය යථාවත් විය යුතුය.. ගුරැවරැන්ගේ වැටුප් ප්රශ්නය අවංකවම විසදනු ඇති. සෞභාග්ය දැක්මෙි පොරොන්දුවූ පරිදි ඇමති අනුකමිටු නිර්දේශ අනුව එය ඉටුවෙි.. සිගරටි, මත්පැන් මිල ඉහල යනු ඇත..

නීචවී තිබුනු ගුරුට සිකුරැ ලබනු ඇති. එය සෞභාග්ය දැක්මෙි පොරොන්දුවක් ඉටුකිරීමකි.වසර 24 ක් නොකෙරැනු එම බරපතල ව්යාකූලත්වය විසදීම 30 වසරක යුද්ධය නිමකල රජයකින්ම සිදුවීම දෛවයෝපගතය.

පරාක්රම බස්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්