Dec
2

අගමැති මේ ඇනුම් පදය කීවේ කාට ද?

 
1041 Views
   
 

“මාධ්යයට ආණ්ඩු නිර්මාණය කළ හැකි වුව ද ආණ්ඩුව රැක ගත හැකි වන්නේ ආණ්ඩුව කරන අයට පමණක් ම යැයි,” අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එය මාධ්යවේදීන් තේරුම් ගත්ත ද “අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා,” යනුවෙනි.

අද (02) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවති ජනමාධ්ය අමාත්යාංශය විසින් ජනමාධ්යවේදීන් සඳහා පිරිනමනු ලබන ‘ඇසිදිසි රක්ෂණාවරණය’ ප්රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය.

“අපේ ජීවිතේ දුෂ්කර ම කාලවල මාධ්යවේදීන් අපිත් එක්ක හිටියා. අපිව බලයට ගේන්න මාධ්යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්ය දැන් අපි ත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. අපේ ජීවිත කාලය තුළ අපි අත්දුටු දෙයක්. මාධ්යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතර යි. මාධ්යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා.” 

එහිදී වැඩි දුරට ත් අදහස් දක්වමින් අග්රාමාත්යවරයා මෙසේ සඳහන් කළේ ය.

“ජනප්රිය තීන්දු වෙනුවට අමාරු, අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ. ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් තියලා. එහෙම තීන්දු ගන්නකොට රට වෙනුවෙන් මේ රටේ මාධ්ය ඉතා ම වගකීමෙන් ක්රියා කරයි කියලා අපි හිතනවා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්