Jan
2

කෑම සහ බෙහෙත් ගන්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ණයක්

 
1101 Views
   
 

ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්යවශ්ය ආහාර ද්රව්ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

එම ණය මුදල මුදල් වශයෙන් නොව ,ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත.

මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.

මේ අතර, චීනයෙන්ද ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණයත් පසුගියදා ලැබුණු අතර ,වසරකින් ආපසු ගෙවීමේ පදනම මත කටාර් රාජ්යයෙන් ද ඇමරිකානු ඩොලර් කෝටි 50 ක ණයක් ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්