Jul
29

ඩෙංගු කාණ්ඩ 04ක් දිවයින පුරා සංසරණය වනවා, ප්‍රවේශසම් වෙන්න

 
1275 Views
   
 

ඩෙංගු වෛරස් කාණ්ඩ 4 ම මේ වනවිට දිවයින තුළ සංසරණය වන බවට හඳුනාගෙන තිබෙනවා. ජාතික ඩෙංගු ම’ර්දන ඒකකය සඳහන් කළේ මෙයින් වෛරස් කාණ්ඩ 2 හා 3 දිවයින තුළ වැඩි වශයෙන් සංසරණය වන අතර වසර කිහිපයකට පසු ඩෙංගු වෛරස් කාණ්ඩ 1 නැවතත් මෙරට තුළ සංසරණය වන බව ද තහවුරු වී ඇති බවයි.

ජාතික ඩෙංගු ම’ර්දන ඒකකය වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතන එක්ව සිදුකළ පර්යේෂණයකදී මේ බව අනාවරණ වී තිබෙනවා.

මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවන්වලදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කෙරෙන අතර මේ සම්බන්ධයෙන් මහජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ජාතික ඩෙංගු ම’ර්දන ඒකකය පෙන්වා දෙනවා.

මේ අතර, ටීනියා නමැති දිලීර රෝගය මේ වනවිට උතුරුමැද පළාත මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ සම්බන්ධයෙන් ද ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිං’ගාශ්‍රිත වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් කියා සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්