May
9

චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට කඩා වැටේ

 
2147 Views
   
 
චීන ලෝන් මාච් රොකට්ටුවේ දැවැන්ත කොටස අද උදෑසන ඉන්දීය සාගරයට කඩා වැටී තිබෙනවා.

චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ එය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු තීරයට කඩා වැටී ඇති බවයි.

ටොන් 18 ක් බරැති මෙම රොකට් කොටස මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලෙකනවා.

සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා චීනය යොදා ගත් ලෝන් මාච් ෆයිව් බී රොකට්ටුවේ ප්‍රධාන කොටසයි මෙලෙස පෘථිවියට කඩා වැටී ඇත්තේ.

චීනය විසින් උඩුගුවනට යැවූ දැවැන්ත රොකට් යානයේ විශාල කොටසක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට කඩා වැටෙන බවටයි නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණේ.

එහිදී ටොන් 21ක් බරැති යානයේ ප්‍රධාන කොටස පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත බව නාසා විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත්, එය ගුවනේදී විනාශ වීමට සැලසුමක් නොමැති අතර, රොකට් යානා කොටස කිසිවෙකුට හානි නොවන අන්දමින් පැසිෆික් සාගරයට කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියා.


erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්