Apr
10

දේශපාලන අතීතයේ සිට එන උද්ඝෝෂණ හා කැරලි

 
580 Views
   
 

ජනතා පරමාධිපත්‍යය සුරැකීමට ඡන්ද බලය තරම් පාලකයන් වෙනස් කිරීමට තිබෙන අවියක් තවත් නැත. මේ ප්‍රබල අවිය අතරතුරේදී ජීවන වියදම ඉහළ යෑම, ජනතා විරෝධී අණපනත්, ඇතුළු විවිධ වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට කිසි විටෙකවත් අපේ රටේ ජනතාව ඉඩ නොදුන්නේ ඒ පරමාධිපත්‍යයේ අයිතිය මැනැවින් හඳුනාගෙන සිටි නිසාය.

1966 විශේෂ භාෂා විධි විධාන පනතට එරෙහිව අපේ රටේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ජන නායකයන් දියත් කළ විරෝධතා ව්‍යාපාරයේදී කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසල පදික වේදිකාවේදි එජාප ආණ්ඩුව සිදු කළ වෙඩි තැබීමෙන් දඹරාවේ රතනසාර හිමියන් මරු වැලඳ ගත්තේ ජනතාවාදී අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව ජනතා විරෝධි පාලකයන් ඊළඟ ඡන්දයේදී පරාජය කළේ ජනතා පරමාධිපත්‍යයට හිස නමමිනි. ඒ අනුව ඉතාම සාමකාමී අයුරින් ජනතාව සිය කතිරයේ බලයෙන් ජනතා නියෝජිතයන් යැයි කියා ගන්නා පාලකයන් ගෙදර යැවීමට හැකි වීම ඩොනමෝර් සාමිවරයා දුන් සර්ව ජන ඡන්ද බලයෙන් ලැබූ ජනතා ජයග්‍රහණයකි.

ඒ අනුව උණ්ඩයෙන් කළ නොහැකි දේ ඡන්දයෙන් අපට කිරීමට පුළුවන් බව අපේ දේශපාලන ඉතිහාසයෙන් අපට පාඩම් කියා දී ඇත. අපේ රටේ තරුණ නැගිටීම් දෙකක් සිදු විය. ඒ 1971 සහ 1988 දීය. 1971 අප්‍රේල් තරුණ නැඟිටීම විප්ලවයක ස්වරූපයෙන් ආයුධ අතට ගත් තරුණ තරුණියෝ ආණ්ඩුවට එරෙහිව අවි එසවීම් සිදු කළහ. මුලින්ම වැල්ලවාය පොලිසියට පහර දුන්හ. ඒ අයුරින් ලංකාවේ බොහෝ පොලිසිවලට පහර දුන්හ. සාර්ථක අයුරින් කැරැල්ල මැඬලීමට එවකට ආණ්ඩුව පාලනය කළ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හැකි විය.

එදා 71 කැරැල්ලෙන් ද අපේ රටේ තරුණ ජීවිත රැසක් අහිමි විය. කැරැල්ල මෙහෙය වූ තරුණ නායකයන් මරා දැමීම වෙනුවට පුනරුත්ථාපනය කොට නැවත සමාජයට යොමුකළේය. ප්‍රධාන පෙළේ නායකයන් වූ රෝහණ විජේවීර ජීවිතාන්තය දක්වා සිපිරි ගෙදරට යැවීම මිස ඔවුන්ගේ ජීවිත අහිමි නොකිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1971දී පියවර ගත්තාය. 1980 ජූලි වර්ජනය අපේ රටේ ඇති වූ වර්ජනවලින් ඉතාම අවාසනාවන්තම වර්ජනය බවට පත්විය. එවකට රටේ පාලකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඉතාම සංවිධානගත අයුරින් ඒ වර්ජනයට මුහුණ දුන්නේ බයිසිකල් චේන්, යකඩ පොලු වලට අමතරව කඳුළු ගෑස් වෙඩි ප්‍රහාර යන්ද සමගිනි.

එදා වෘත්තිය සමිති නායකයකු වූ සෝමපාල සහෝදරයා සිය ජීවිතයෙන් සමු ගත්තේ ජයවර්ධන පාලනයේ ගොදුරක් බවට පත් වෙමිනි. 1971දී ජනතා විමුක්ති පෙරමුණ බස් ගිනි තැබීම්, සමුපකාර බලහතකාරයෙන් කඩා ඒවායේ තිබූ සහල්, සීනි,පිටි ආදි පාරිභෝගික භාණ්ඩ කොල්ලකෑම ගිනි තැබීම ආදි ක්‍රියා සිදු කළේය. මේ සියලු දෑ මහජන දේපළය. ඒ මහජන දේපළ එදා විනාශ කළේ ඉවක් බවක් නැති අමනෝඥයන් වශයෙනි.1987 ඉන්දු ලංකා ගිවිසුම හරහා පැමිණි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එදා තරුණ තරුණියන් මෙන්ම සියලු දෙනා අරගල කළහ. ඉන්දීය අගමැතිවරයාට රයිෆල් බඳෙන් පහර දුන්නේ ද එකල නාවික හමුදා සෙබළෙකි. කොළඹ පිටකොටුවේ බෝධිය අසල පැවැති විරෝධතාවේදී මිය ගිය මිනිසුන් ගණන 100කට වැඩි වූහ.

එසේම ත්‍රීමා විතාන වැනි වෛද්‍ය සිසුන්ට පොල් පරාළ ඇණ ගසමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන ගිය දුර්දාන්ත පාලනය අද සිටින ස්මාට් තරුණ තරුණියන් නොදන්වා විය හැකිය. එසේම එදා ජනතා විමුක්ති පෙරමුණ ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරමින් තේ කර්මාන්ත ශාලා ගිනි තබමින් බස් රථ ගිනි තබමින් ගෙන ගිය රජයේ දේපළ විනාශ කිරීම අද තරුණයන්ව සිටින බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. එහෙත් එදා එසේ සිදු විය.

මේවා ප්‍රජාතන්ත්‍ර වාදය ගරු කරන කිසිවකු අනුමත නොකරන්නේය. ජනතා විමුක්ති පෙරමුණු කුහක දේශපාලනයේ සහ එක්සත් ජාතික පක්ෂ තක්කඩ් දේශපාලනයේ ගොදුරක් වූ ජනප්‍රිය නළු විජය කුමාරතුංග අමානුෂික අයුරින් මරා දැමුවේ මෙවැනි අරාජික දේශපාලන සංස්කෘතියක් යටතේ බව ද සිහිපත් කළ යුතුව ඇත. අපේ රට තිස් වසරක යුද්ධයෙන් බේරා ගත් මහින්ද රාජපක්ෂ මහතා 2015 පරාජයට පත් කොට මැද මුලනේ ජනේලයේ එල්ලුවා යැයි වහසිබස් දෙඩූ පිරිසට කලකදී වහලු කලකදි රස වෙනවාලු යන ගැමි කියමන අරුත් ගන්ව මින් නැවත 2019 දී බලයට ගෙන ඒමට සිදු වූයේ පාස්කුප්‍රහා රයෙන් රටේ ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වූ හෙයිනි.

Covid ව්‍යාප්තියත් සමග ලෝකයම මුහුණ දුන් ආර්ථික අපහසුතාවලට ශ්‍රී ලංකාව ද මුහුණ දීමෙන් ඉදිරියට තැබූ පය පිටිපස්සට නොගෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන වත්මන් ආණ්ඩුව කරගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල් කිරීම සඳහා දේශපාලන ගැත්තන්ගේ උවමනා වලට නැටවෙන රූකඩයක් නොවේ බුද්ධිමත් තරුණයෙක් ලෙස සිතන්නේනම් බට සත්‍ය වටහා ගැනීමට අපහසු නොවනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්