Mar
17

ලබන වසරේ මගේ විවාහය වෙනවා – පියුමි හංසමාලිගෙන් සුබ ආරංචියක්

 
1124 Views
   
My-wedding-is-coming-up-next-year---good-news-from-Piumi-Hansamali  

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිතයක්. හරිම ආදරණිය චරිතයක් වගේම කියන දේ කාට වුවත් කෙලින් කියන පොලවේ පයගහලා ජිවිතේ විදිමින් ජීවත්වෙන ගැහැනියක්. ඇයගේ ජිවිතේ බොරු ආටෝප සාටෝප නැහැ. සමහරු ඇයගේ විලාසිතා සහ කතා විලාසය නිසා විටෙක ඇයව විවේචනය කරමින් මඩ ගැසුවත් වර්තමානයේ බොහෝ දෙනා ඇයව හොදින් තේරුම් අරගෙන ඉන්නවා වගේම ඇයට ආදරය කරන බවත් කියන්න පුළුවන්. ඇය බොරුවට අකමැති කෙනෙක් වගේම ප්‍රසිද්දියේ බොරුව විවේචනය කරන්නත් පැකිලෙන්නේ නැහැ.

පියුමි කියන්නේ අම්මා කෙනෙක්. සමාජය කෙතරම් ඇයට කතා කිවත් අවුරුදු 19න් අම්මා කෙනෙක් වෙලා ලොකු වේදනාවක් විදලා තනියම ඒ දරුවා හදාගෙන අදටත් තනිවම ජිවත් වෙන දිරිය ගැහැනියක්. ඇය සැමියාගෙන් ඇත්වෙලා වසර ගණනාවක් වෙනවා. ඒ කාලය තුල ඇය කිසිම කෙනෙක් සමග විවාහ වුණේවත් ආදරය කරෙවත් නැහැ කියන දේ ඇය කියනවා. දරුවා බලාගෙන එන වැඩ කරගෙන ඉදියා කියන එක හැමෝම දන්නවා. ඒ ආදරයේ ස්ට්‍රෙස් තිබුන නිසා ආයේ මැරී කරන්නේ නැහැ කියන මතේ ඇය ඉදියේ. නමුත් ඇයට දැන් පෙම්වතෙක් ඉන්න බවත් ලබන වසරේ ඔහු සමග විවාහයට සුදානම් බවත් ඇය කියා සිටියා. දැනෙන ආදරයක් ලැබුනා. මට හිතුනා තනියෙන් හිටියා ඇති එයා මාව තේරුම්ගත්තා ඉතින් විවාහය ලබන වසරේ වෙනවා. පුතා තමයි මගේ ලොකුම ශක්තිය වෙන්නේ.

කොහොම නමුත් බෝයි ෆ්‍රෙන්ඩ්ගේ චායාරූප සමාජ මාධ්‍යට එක්කරන්නේ නැහැ කියලයි පියුමි කියන්නේ. වෙඩින් ෆොටෝ කෙලින්ම දානවා කියලයි ඇය කියන්නේ. මම කියන්නේ කවදාවත් තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්න ෆොටෝ සෝෂල් මිඩියා දාන්න එපා වගකීමෙන් කියන්නේ. ඒවාට ඇස්වහ වදිනවා. කියලයි ඇය කියන්නේ. ලස්සන කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ දැම්මොත් ලගම ඉන්න අය තමයි වල කපන්නේ කියලයි ඇය කියන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්