Jul
31

ඩ්‍රීම්ස්ටාර් කිරුල සමග ලක්ෂ 150ක නිවසක් දිනාගත් ෆැලන් ඇන්ඩ්‍රියානා හුරතලේට ඇතිකරන ඌරු පැටියා

 
7834 Views
   
 

ෆැලන් ඇන්ඩ්‍රියා කියන්නේ දැන් ජනප්‍රිය වීගෙන එන තරු අතරින් කෙනෙක්.ඇය කරලියට එන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුලින්.දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි තරගාවලියේ සීසන් 9 තරගයේ ශුරතාවය දිනාගන්නේ ඇයයි.ඉතින් ඒ ජයග්‍රහණයත් එක්ක තමයි ඇය ජනප්‍රිය වීමට පටන් ගන්නේ.ඒ වගේම එම තරගයේ සුවිශේෂීම අවස්තාව වූ රියැලිටි ඉතිහාසයේ පිදෙන දැවැන්තම ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 150ක් වටිනා සුඛෝපභෝගී නිවසක්ද ජයග්‍රාහිකාව වෙනුවෙන් ඇයට හිමිවීම ගැන කාගේත් කතාබහට ලක්වුනා.ඉතින් ඇයගේ සුමිහිරි කටහඩට වශී වුන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් දැන් ඇය වටා ඉන්නවා.ඉතින් ඇයගේ වෘත්තීය ජීවිතය එහෙම වෙනකොට පුද්ගලික ජිවිතය ගැනත් අපි හොයා බැලුවා.

ඉතින් සාමාන්‍ය ජීවිතයේදී ෆැලන් ඉතා සංවේදී චරිතයක්ලු.පුංචි දේකට වුනත් ඉක්මනට දුක හිතෙන චරිතයක්ලු.ඒ වගේම ඇයට කටට රසට උයන්නත් පුළුවන්ලු.ඇයගේ සිරුරේ හැඩය පවත්වා ගැනීම සඳහා කවදාවත් ජිම් එකකටවත් ගිහින් නැහැලු. ඒ වගේම මේ දිනවල වැඩිපුරම ඇය ගැන සමාජ ජාලා වල කතාබහට ලක් වන්නේ ඇයගේ හුරතලේට ඇති කරන ඌරු පැටියා ගැනයි.ෆැලන් යන යන තැන හුරතලාවත් ඇරගෙන යනවලු.කොටින්ම කිව්වොත් ඇයගේ අවසන් මහා තරගයටත් හුරතලාවත් අරගෙන ආවා කියලත් අපට දැනගන්නට ලැබුනා.ඒ තරමටම ඇය හුරතලාට ආදරෙයිලු.ඌරු පැටියාත් ෆැලන්ට හරිම කිකරුයිලු.ඉතින් මේ හුරතලා නිසා මේ දිනවල ජනප්‍රිය වුන රටම දන්න ෆැලන්ගේ අනාගත සිහින වලට සුබ පතන ගමන් අලුත්ම ඡායාරූප පෙලකුත් ඔබ වෙත ගෙන එන්නට හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්