Mar
20

රටම කථාවෙන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලෙන් ක්‍රිකට් වාර්තාවක්

 
1622 Views
   
 

තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ උනන්දුව තවත් ඉහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක අවසන් මහා තරගයකට මෙලෙස සුදුසුකම් ලබන්නේ වසර 07කට පසුව පළමුවරට වීමයි.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ 2014 වසරේදීයි. ඒ, පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයටයි.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වූයේ ඉන්දියාව වන අතර රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ප්‍රතිවාදියා වන්නේ ද ඉන්දියාවයි.

2014 වසරේ පැවති පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවා ඉන්දියාව පරදා ශූරතාවය දිනා ගත්තා.

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයේදී ජොන්ටි රූඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකාණු කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කරමින්.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්