Nov
17

“අරක්කු කාලේ කුප්පිය තහනම් කරන්න” – රජයට ඉල්ලීමක්

 
1557 Views
   
 

මත්පැන් කාලේ කුප්පියේ නිෂ්පාදනය නතර කළ යුතු බවට මහජනතාව තුළ මතයක් පවතින බව දුම්කොළ හා මද්යසාර පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ සිය අධිකාරිය විසින් පසුගිය දා සිදු කළ මහජන මත විමසුමකට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 72%.4%ක ප්රමාණයකම මතය කාලේ කුප්පිය තහනම් කළ යුතු බවයි.

ආචාර්ය සමාධි රාජපක්ෂ මේ බව සඳහන් කළේ සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමිනි. මත්පැන් හා දුම්වැටි සම්බන්ධව සිදු කළ මෙම සමීක්ෂණයට වයස කාණ්ඩ තුනක් යටතේ 1000කට අධික පිරිසක් සහභාගී වී ඇත.

වයස අවුරුදු 17-30 දක්වා 40% ක ප්රමාණයක්, වයස අවුරුදු 31-45 දක්වා 35% ක සහ වයස අවුරුදු 45ට වැඩි 25% ක පමණ පිරිසක් මීට සහභාගි වූ බවත් මුළු මහත් සමාජයම නියෝජනය වන පරිදි විවිධ අධ්යාපන මට්ටම් වල පුද්ගලයන් මේ සඳහා දායක කරගත් බවත් ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා ප්රකාශ කළා.

එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු සඳහන් කරනු ලැබුවේ මත්පැන් කාලේ කුප්පිය උග්ර පරිසර ගැටළුවක් ව ඇති නිසා එය තහනම් කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ගොවි ජනතාව ඇතුළු බොහොමයක් පාර්ශව විසින් තමන්ට පැමිණිලි ලැබෙන බවයි.

මෙම තත්වය අවබෝධ කරගෙන සිටින පරිසර අමාත්යාංශය ද කාලේ කුප්පිය තහනම් කළ යුතුය යන මතයේ සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ලෝක සෞඛ්ය සංවිධානය විසින් මත්පැන් භාවිතය හා ජනතාවගේ සෞඛ්ය පිළිබඳ කරුණු අධ්යයනය කර නිකුත් කරන ලද ගෝලීය තත්ත්ව වාර්තාව විසින් ද පෙන්වා දී තිබුණේ මත්පැන් කාලේ කුප්පිය මගින් ජනතාව අධික බීමත්කම සඳහා යොමුවන බවයි.

එම වාර්තාව පෙන්වා දෙන පරිදි මත්පැන් භාවිතය ඉහළ යෑම, මේ සඳහා එම මත්පැන් වර්ගය භාවිතා කළ හැකි ක්රමවේදය බලපාන අතර කාලේ කුප්පිය සැර අධික මත්පැන් ප්රමාණයක් එකවර පානය කිරීම පහසු කරන ක්රමවේදයක් බවද සඳහන් කර දී තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්