Aug
14

රජය හදිසියේම ඉන්දියාවෙන් ඔක්සිජන් මිලට ගැනීමට සූදානමින්

 
1029 Views
   
 

රෝහල් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආ සා දි ත යි න් සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් වායුව මෙට්‍රික් ටොන් 100ක් ඉන්දියාවෙන් මිලට ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන සතිය තුළදී මිලදී ගැනීමට නියමිත මෙම අතිරේක ඔක්සිජන් තොග වහාම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබා දීමටයි රජය සූදානම් වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ අවශ්‍යතාව අනුව ඉදිරියේ දී තවදුරටත් ඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීම් සඳහා කටයුතු කරන බවයි.

දිවයින පුරා කොවිඩ් 19 රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් රෝහල් දැඩි සත්කාර ඒකකවල ඔක්සිජන් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.

මේ වන විට මෙරට නිෂ්පාදනය කරනු ලබන ඔක්සිජන් ධාරිතාව ඉල්ලුම හා ගැලපී ඇති නිසා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මිලදීගැනීම සිදු කිරීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්