Jul
15

එන්නත, වැඩ වර්ජන සහ උද්ඝෝශණ

 
368 Views
   
 

ප්‍රථම වටයේදී අඩුපාඩු සහිතව ක්‍රියාත්මකවූ එන්නත්කරණය දැන් දැන් සාර්ථක වෙමින් ඉදිරියට යනව කියල පේනව, හැගෙනව, දැනෙනව. ගුරුවරුන්ටත් එන්නත් කරණය පටන් අරන් ඒ වගේම පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත දීම ආරම්භ වෙලා. මේ ඔක්කොම කියන්නෙ එන්නත්කරණය හරහා යම් සාර්ථකත්වයක් ලබල රට හොද තත්වෙට පත් වෙයි කියල තමා . ඉතින් රට හොද වෙනවට අකමැති බොහෝම පිරිසක් ඉන්නව කියලත් අපි දන්නව. යුද්ධයත් ඉවර වේගෙන එනකොට අ’කමැති මිනිස්සු හිටියනම් මේක පුදුම වෙන්න දේකුත් නෑ.

මේව මෙහෙම වෙද්දි පසුගිය දින 2 ඇතුලෙ මෙහෙම දේවලුත් සිද්ධ වුනා. මොඩර්නා කොවිඩ් ම’ර්දන එන්නත් ලක්ෂ 15 ක් ලබන සිකුරාදා මෙරටට මොඩර්නා ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා. කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිත බව තමා රාජ්‍ය අමාත්‍යවරයා කිව්වෙ.

ඉතින් එන්නත්කරණය අසාර්ථකයි කියන්න පුළුවන් කාටද?
දිවයිනේ සියලුම පාසැල් ගුරුවරුන් එන්නත් කිරීමේ වැඩසටහන දින 10 කින් අවසන් කිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සති 04කින් සියලුම ගුරුවරුන් සඳහා දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමටද අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. මේකෙන් ගම්‍ය වෙන්නෙ ඉක්මනින් පාසල් පටන් ගන්නව කියන එක මිසක් වෙන මොකවත් නෙමේ කියන එක මොලේ මංචාඩියක්වත් තියෙන කෙනෙකුට තේරුම් යන්න ඕනෙ. ගොඩක් අයට තේරෙනව ඒත් කුහකකම නිසා ඒව පිලිගන්න කැමති නෑ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1 දශම 04 යි 05 ක් මෙරටට ලබා දීමට ජපානය තීරණය කර තිබෙනවා කියන ශුභ ආරංචිය අපිට අද ලැබුන ඒකෙනුත් ප්‍රකාශ වෙන්නෙ එන්නත්කරණය සාර්ථකයි කියන එක. .

මෙරට එන්නත්කරණය සදහා භාවිත කිරීමට චීනයේ සිට එන්නත් සිරින්ජර් ලක්ෂ 10 ක් පෙරේදා (13) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. කියන පුවත අපිට ලැබුණ . ඒකෙනුත් කියවෙන්නෙ එන්නත්කරණය සාර්ථකයි කියන එක.

මේව මෙහෙම සාර්ථකව ඉදිරියට යද්දි රට අ’සාර්ථකව පවතින්න ඕනෙ කියල වැලලෙන අයට මේක දරා ගන්න බෑ. ඒ ගොල්ලො නැති හේතු කියල ස්ට්‍රයික් කරනව වගේම උද්ඝෝශණය කරනව. කොහොම හරි රටේ ජනගහනයෙන් 60% ලබන සැප්තැම්බර් වල එන්නත දෙනව කියන පණිවිඩය ජනතාවට ගිහින් ඉවරයි. එහෙම වුනොත් ඒ ගොල්ලො ප’රාදයි කියන එක හොදටම දන්නව.

අපිට තියෙන දුක තමා මේ දේවල් වලට අ’සරණ පාසැල් ළමයි ඇද ගැනීම. වෙන මොකට සමාව දුන්නත් ඒකට නම් මිනිස්සු සමාව දෙන එකක් නෑ කියල අපිට විස්වාසයි.
උපුල් දේවප්‍රිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්