Jul
17

සුදු චූටි සහ සරා හොරෙන්ම විවාහ වෙලා?

 
4110 Views
   
 

මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලියේ සුදු චූටි.. එහෙමත් නැත්තම් පාඨලී කිවාම නොදන්න කෙනෙක් නැහැ ඒ තරමට මේ චරිතය ප්‍රේක්ෂක සිත් ඇද බැඳගෙන ඊට රංගනයෙන් දායක වන සෙනාලි ෆොන්සේකා මේ පාඨලීගේ චරිතය වෙනුවෙන් සුමති සම්මාන උළෙලේ දී ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට ද පාත්‍ර වුණා. ඇය මේ දවස් වල ඇගේ අලුත් වැඩ ගැන වගේම නාඩගම්කාරයෝ ගැනත් මෙලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. මේ දිනවල ඔබෙන් කලාවට ලැබෙන දායකත්වය කොහොම ද? මම මේ දවස්වල හැමෝම දන්න ‘නාඩගම්කාරයෝ” එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒ සඳහා. මේ කෝවිඩ් තත්ත්වයත් එක්ක රූ ගත කිරීම් කරගෙන යන්නේ අපහසුවෙන්. එහෙත් ප්‍රේක්ෂකයන් නාඩගම්කාරයෝ බලන්න සැදි පැහැදී ඉන්නේ. ඉතිං අපහසුතා මැද ඒ කටයුතු සිදු කරගෙන යනවා. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද? “නාඩගම්කාරයෝ” පළමු කොටසේ සිටම ඉහළ ප්‍රතිචාර ලැබෙන ටෙලි නාට්‍යයක්. වයස් භේදයකින් තොරව මේ නිර්මාණයට හොඳ විතරමයි අහන්න ලැබෙන්නේ. මම හිතුවෙ නැහැ මෙච්චර හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. “නාඩගකාරයෝ” තිර රචනය සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතාගේ, අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ, මෙහි නිෂ්පාදනය චාමර සමරවික්‍රම මහතාගේ. මේ තුන් දෙනා එකතු වෙලා වැඩක් කළාම ඒ වැඩේ ජනප්‍රියත්වයට පත් වෙනවා සහ මිනිස්සු අතරට යනවා කියලා මට විශ්වාසයක් තිබුණා. ‘හාරකෝටිය’ ටෙලි නාට්‍යයත් ඒ වගේම ජනප්‍රිය වුණා. ‘නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍යයටත් ඉහළින්ම ප්‍රතිචාර තිබෙනවා. සමාජ මාධ්‍යවලත් වැඩියෙන්ම කතා කරන්නෙත් මේ ටෙලිය ගැන තමයි.නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගනය නිසා ඔබට සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වෙන්නත් අවස්ථාව ලැබුණා.? ඇත්තටම මම නොසිතූ විදියටයි මට මේ සම්මානය ලැබුණේ. සෑම නළුවකුටම, නිළියකටම බලාපොරොත්තුවක් තිබෙනවා හොඳම නළුවා හෝ නිළිය වෙන්න සහ ජනප්‍රියම නළුවා හෝ නිළිය වෙන්න. සිරිපැරකුම්වලින් අවුරුදු 7කට පස්සේ මම ජනප්‍රියම නිළිය ලෙස සුමති ටෙලි සම්මාන උළෙලේ නිර්දේශ වෙලා තිබුණේ. එහි විශේෂ ස්තූතිය යන්න ඕන්නේ නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයට ආදරය කරන අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට. ඒ අයගේ ආදරය සහ ශක්තිය තමයි මට සම්මානයක් විදියට ලැබුණේ. ඒ සතුට මට කියා නිම කරන්න බැහැ. විශේෂයෙන්ම මේ ප්‍රේක්ෂකයින් මට දුන්න ඒ නිසා මට රංගන ශිල්පිනියක් විදියට සහ නාඩගම්කාරයෝ”

 

 

 

 

 

ටෙලිනාට්‍යයේ සුදු චූටි විදියට දැන් මට ලොකු වටිනාකමක් දැනෙනවා. ඇත්තටම ගොඩක් පින්. හැමෝටම. දැන් මට වෙනදට වඩා ලොකු වගකීමක් තිබෙනවා. මා කෙරෙහි තැබූ විශ්වාසය සහ ආදරය ඉදිරියටත් ආරක්ෂා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. පාඨලී..නොහොත් සුදු චූටි.. ඒ නම් දෙකෙන් වඩා කැමැති? “සුදු චූටි” සරා දීපු නමක්. ඒකට ප්‍රේක්ෂකයින් වැඩි කැමැත්තක් තියෙන නිසා මගෙත් වැඩි කැමැත්තක් තියෙනවා. අද පාරේ බැහැලා යනකොට මාව දකින ගොඩ දෙනෙක් මට කතා කරන්නෙ සුදු චූටි කියලා. පසුගිය කාලයේ ඔබ චිත්‍රපට කිහිපයකම රූ ගත කිරීම්වලට සම්බන්ධව සිටියා නේද? පසුගිය කාලයේ රූපගත කිරීම් කිහිපයකටම සම්බන්ධව සිටියත් තවමත් ඒ සිනමාපට තිරගත කිරීමට නොහැකි වුණේ කොරෝනා වසංගත තත්වයේදී ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු නිසා. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ ‘යාත්‍රා, ජැක්සන් ඇන්තනි මහතාගේ ‘එකගෙයි සොකරි, ධනුෂ්ක රේර්මන් මහතාගේ ‘පරිස්සමින් ඉන්න, හර්ෂ උඩකන්ද මහතාගේ ‘කබඩි යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙනවා.

 

 

 

 

 

 

කෝවිඩ් වසංගතය නිසා සිනමාව කඩාගෙන වැටිලා තිබෙන්නේ. දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද? මම මේ වෙනකොට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් විදියට පළමු පෙළ උපාධියක් අරගෙන තිබෙනවා. ගිය අවුරුද්දෙ මගේ තාත්තේ නැති වුණේ කෝවිඩ් නිසා. ඉතිං කෝවිඩ් වසංගතය මට මගේ තාත්තිව නැති කළා. ඒ නිසා කෝවිඩ් වසංගතයේ තියන භයානක බව මම හොඳට දන්නවා. මගේ තාත්තිගෙ කලා පවුලෙ ඉගෙනීමට නැඹුරු වෙලා හිටියෙ මගේ තාත්ති විතරයි. අපේ පවුලෙ එකම දරුවා විදියට තාත්තිගෙ ලොකු ආසාවක් තිබුණා මට හොඳින් උගන්වලා හොඳ තැනකට ගේන්න. ඒ නිසා ජීව විද්‍යා අංශයෙන් තවත් ඉදිරියට ගිහින් මාස්ටර්, පශ්චාත් උපාධි තෙක් ඉහළට ගිහින් තාත්තිව සතුටු කරන්න මම බලාපොරොත්තු වෙනවා. කාලයත් එක්ක ඒ දේවල් සිදු වේවි. මම කැමැති එංගලන්තයේ ඉගෙන ගෙන ශ්‍රී ලංකාවට සේවයක් කරන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්