May
24

ලොස්ඇන්ජලීස් වලදී හූ වරුසාවකට මැදි වුණු, සංජීවනී වීරසිංහගෙන් භයානක හෙළිදරව්වක්

 
1272 Views
   
Dangerous-revelation-from-Sanjeewani-Weerasinghe-who-was-caught-in-a-hoot-in-Los-Angeles  

සංජීවනි වීරසිංහ කියන්නෙ ජනප්‍රිය නිළියක් වගේ ගායන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. මේ වෙනකොට ලොස්ඇන්ජලීස්වල සිටින සංජීවනි ගැන පසුගිය දවසක බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ ඇයට පිරිසක් විසින් විරෝධය පළ කළ නිසයි. පවතින රජයට විරුද්ධව දැන් ඇයත් හඩ නඟන අතර පසුගිය සමයේ ඇගේ නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිසාත් ඇයට කරදර බොහෝමයක් සිදුවුණා.

මේ ඒ ගැන කියමින් ඇය තැබූ සටහනක්…

බොහොම ස්තූතියි, මගේ නමින් මා ලෙසින් පෙනී සිටිමින් කරගෙන ගිය දෙවන FB පිටුවත් report කල ආදරණීය මිතුරන්ට… ඔබ සැමගේ සහාය මත එයත් BLOCK කර ඇත..
තව කීයක් හදයිද දන්නෙ නෑ නේද ?
රටෙි කන්න නැති, පෙට්‍රල් නැති, බෙහෙත් පෙත්තත් නැති, දරුවන්ගේ ඉගෙනුමට ඇති අවකාශ ඇහිරී ඇති, රට අරාජිකව ඇති…මෙකී නොකී බොහෝ ගැටළු ඇති මෙවන් වකවානුවක ඒ සියල්ල පසෙක ලා මගේ නමින් ව්‍යාජ FB පිටු හදමින් මා ගැන මෙතරමි අවධානයක් දක්වන්නේ මා කිසිදා කවරෙකුගේ වත් එහෙයියෙකුගේ ගනයට නොවැටෙන නිසාද ?…
කව්‍ද මට මෙතරමි බය වෙලා තියෙන්නෙ ?…
කාටද මාව නිහඬ කරවන්න ඔින වෙලා තියෙන්නෙ?…
රජයේ ආයතනයක වෙන අයථා ක්‍රියාවන් ගැන 2020 අග භාගයේ සිට අදාල ඉහළ නිලධාරීන් දැනුවත් කරල ,2021 දී කුරුදුවත්ත පොලීසියේ පැමිනිල්ලකුත් කරලා,මුදල් සහ බලය අවභාවිතාවන් ගැන අදාල ඇමතිවරයා මෙන්ම ජනාධිපතිතුමාවද දැනුවත් කරලා, රටෙි මිනිසුන්ගේ බදු මුදලින් දේශපාලන හෙංචයියන්ව නඩත්තු කිරීමට විරුද්ධව කතා කල නිසා ඒ අවභාවිතාවන් වල යෙදුනු අයට සහ ඒ අයට රැකවරනය දෙන ඉහළ පුටු වල සමහරෙක්ට හොඳටම රිදිල වගේ….
( මගේ නමින් fake ප්‍රොෆයිල, blogs හදල කිසියමි සංවිධානගත පිරිසක් විසින් මා රජයට තවදුරටත් පක්ෂපාතී බව සහ අරගලයට විරුද්ධ බව හැගෙන අයුරින් ව්‍යාජ පුවත් පලකරන්නට ගත්තේ මේ මා නැවත දින වකවානු සමගම අමුණා ඇති screen shots මගේ ප්‍රොෆයිලයේ පසුගිය දිනෙක පලකිරීමෙන් අනතුරුවයි. )
මොකද සමහරු කැමති එහෙයියන්ට විතරයි.
වැරැද්දක් පෙන්වාදෙන අයව එයාලට කරදරයක්.
එහෙම හිතල , රටට බරක්වුන…රටෙි මෙන්ම ආයතන වල දැවෙන ප්‍රශ්ණ වසන් කරපු එහෙයියන්ව ලංකරගත්ත නිසා සහ නුසුදුස්සන්ට දැරිය නොහැකි වගකීමි භාරදුන්න නිසා රටට වෙචිච හරිය තවම නොපෙනේද ?….
වරප්‍රසාද නොගෙන …පෞද්ගලික මුදලින්, ශ්‍රමයෙන් රටට අවශ්‍යම කාලෙ අතදීල, අසාධාරනයට එරෙහිව තනිව අරගල කරමින්…ලැබුනු අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පවා ප්‍රතික්ෂේප කරමින් නීතිගරුකව, කොන්ද කෙලින් තබාගෙන කටයුතු කල මම…..ව්‍යාජ පිටු වලට මුවා වෙලා පෞද්ගලික තරහ, ඊරිසියා/ කුහකකමි පිරිමහන නිවටුන්ට බය වෙයිද?….
එදා පාස්කු ප්‍රහාරයේ මිනී මතින් රටෙි පැතිරුනු අනාරක්ශිතභාවය හමුවේ පවතින රජයට සහාය දුන්නා වගේම ,කල හොඳ දේ පැසසුවා වගේම, රටට පොරොන්දු ප්‍රකාරව වියයුතුදේ නොවුනු තැන විවෙිචනය කිරීමට ද සැමට මෙන්ම මටද ඇති පුරවැසි අයිතිය පැහැර ගැනීමට තව මෙවන් ව්‍යාජ FB accounts දහසක් දමමින් මඩ ගසන්නට හැදුවත් කිසිවෙකුටවත් මම ඉඩ නොදෙමි.
රට වෙනුවෙන් අවංකව කරන නියම අරගලයේ වටිනාකම දියාරු කරන ,මෙවන් සමාජ මාධ්‍ය අවභාවිතා කරමින් සමාජය නොමග යවමින් ගිණිඅවුළුවන අසහනකාරීන්ව ප්‍රතික්ශේප කිරීමත් නියම SYSTEM CHANGE එකක් බලාපොරොත්තු වනවානමි අප කල යුතුයි නේද….
මොකද ඉහළ පුටු ,ඔළුගෙඩි කොතරමි මාරු වුනත් , එකමුතු කම නොමැතිතැන…නිකරුනේ භේද බින්න වෙන තැන….සැමගේ මතයකට/ හඬකට ඉඩ නොමැති තැන, වහල් මානසිකත්වය නිවැරදි නොවන තැන, හරි/ වැරදි පැහැදිලිව නොදකින තැන, වැදගත්කම/ මනුස්සකම පලායන තැන,ඇත්ත සත්‍යය ⁣පැහැදිලිවම පෙනෙන්නට තිබියදී මිනිසුන් බොරුව පිළිගන්නට තරමි සබුද්ධික නොවන තැන, පක්ෂ- පාට- ජාති භේදයක් නොමැතිව මිනිසා වරදට එරෙහි නොවන තැන, නොවිය යුතු දේ සිදුවුනත් විය යුතුදේ සිදු නොවන තැන ….රටක් ගොඩනැගේවිද ?….

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්