Jul
26

දිස්ත්‍රික්ක අනුව ගෑස් මිල වෙනස්වන හැටි මෙන්න

 
1389 Views
   
 

ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,150 කට අලෙවි කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (25) නිකුත් කළා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින්.

ඒ අනුව ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ලීටර 18 එනම් කිලෝග්‍රෑම් 9.6 ක බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් 1,150 ක් ලෙස දක්වා තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් උපරිම මිලට වැඩියෙන් සිල්ලර හෝ තොග වශයෙන් ගෑස් අලෙවිකිරීම, වෙළඳාම් කිරීම සඳහා බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික අධිකාරිය දැනුම් දෙන්නේ.

එමෙන්ම ඒවායේ බර කිලෝග්‍රෑම්වලින් ගෑස් සිලින්ඩරවල පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින්ද පාරිභෝගික අධිකාරිය ඊයේ තවත් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් දිස්ත්‍රික් මට්ටමින් පහත මිල ගණන්වලට මෙම ගෑස් සිලින්ඩරය අලෙවි කළ හැකි වනවා.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්